gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාරිභෝගික අධිකාරිය දැන දැනම බලන් හිටියා. මේක ලොකු ෂෝ එකක්ද ? මොකක්ද මේකෙ ඩීල් එක ? - හර්ෂ

සීනි ආනයනකරුවන් මෙරටට ගෙන්වූ සීනි ප්‍රමාණයන් සහ ඒවා ගබඩා කර ඇති ස්ථාන පිළිබඳ සියලු තොරතුරු පාරිභෝගික කටයුතු අධිකාරිය සතුව මුල සිටම තිබුණු නමුත් සීනි මිල අධික ලෙස වැඩිවෙන්නට ඉඩ හැර ඔවුන් මේ දක්වාම බලාසිටි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. 

"මේ මිලිටරිකරණයේ පාර කපාගන්න තමයි මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නෙ. අධ්‍යක්ෂ ජනරාල් ඉන්නවානෙ පාරිභෝගික අධිකාරියෙ, එයා සහ වරායෙ ප්‍රධානියා අතර තියෙනවා එකඟතාවයක්. ඒ එකඟතාවය අනුව වරායෙන් දැනුවත් කරනවා පාරිභෝගික අධිකාරියට එක්කො දිනපතා එහෙමත් නැත්නම් සතිපතා කවුද මොනවද ගෙනාවෙ, කොච්චර ගෙනාවද, කීයටද ගෙනාවෙ කියලා. එතකොට මේ සියලුම දත්ත පාරිභෝගික අධිකාරිය සතුව තියෙනවා. 

එතකොට මේ සීනි ගේන ප්‍රමාණයත් දන්නවා, කොහෙද ගබඩා කරන්නෙ කියලාත් පාරිභෝගික අධිකාරිය දන්නවා. නමුත් මොකක්ද පාරිභෝගික අධිකාරිය කළේ ? බලාගෙන හිටියා ! කිසිදෙයක් කළේ නෑ ! එතකොට මොකක්ද මේකෙ තියෙන ඩීල් එක ? කවුද මේ පාරිභෝගික අධිකාරියත් මේ සීනි ව්‍යාපාරිකයොත් අතර තියෙනවද මොකක් හරි ගනුදෙනුවක් ? එහෙමත් නැත්නම් මොකක් හරි ලොකු ෂෝ එකක්ද මේ දාන්නෙ ? 

ඇමතිවරයා කියනවා මේ ආනයනකරුවොන්ට කිසි විදියකට පාඩුවෙන්න දෙන්න බෑ, ආනයනකරුවොන්ගෙන් අපි සල්ලි දීලා තමයි සීනි ගන්නෙ කියලා. මේ මිනිස්සු හිතන් ඉන්නෙ මේ සීල් කරලා මේවා රාජසන්තක කරනවා කියලා. එතකොට නීත්‍යානුකූල නොවෙන විදියට මේවා ගබඩා කරගෙන හිටියා නම්, මේ ගැසට් එකට අනුව නීතිවිරෝධී ලෙස මොවුන් සීනි හංගාගෙන හිටියා නම් එහෙම නම් කොහොමද නීත්‍යානුකූලව මේ මිනිස්සුන්ට ලාබෙකුත් දීලා ආණ්ඩුව කොහොමද සීනි ගන්නෙ ?" 

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka