සෞඛ්‍ය ප්‍රධානියා තව සති 2ක් රට වහන්න ඉල්ලයි! ජනපතිගේ තීන්දුව අද!
පවතින සංචරණ සීමාවන්ගේ ප්‍රතිඵල දැක ගැනීමට නම් දැනට ක්‍රියාත්මක අගුලු දැමීම අවම වශයෙන් තවත් සති දෙකක්වත් දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
මිනිසුන් සෞඛ්‍ය පුරුදු නිසි ලෙස පිළිපදින්නේ නම් ධනාත්මකව රෝගීන් සංඛ්‍යාව අඩු වන අතර රට නැවත විවෘත කළ හැකි බව ඔහු සඳහන් කරයි.
ඔක්තෝබර් මැද භාගයේදී එන්නත් ලබාදීම අවසන් වුවහොත් ඔක්තෝබර් අවසානය වන විට රට යථා තත්ත්වයට පත් වනු ඇතැයි ඔහු පැවසීය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව ජනාධිපතිවරයා ප්‍රමුඛ කොරෝනා මර්දන කමිටුවෙන් අද පෙරවරුවේ ගැනීමට නියමිතය.
සෞඛ්‍ය ප්‍රධානියා තව සති 2ක් රට වහන්න ඉල්ලයි! ජනපතිගේ තීන්දුව අද!
2021-09-03T10:01:00+05:30
Gossip Lanka Hot News






