gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ප්‍රීමා පිටි මිලට ගේමක් ගහයි; අධිකාරියට හොරා කිලෝව 12කින් නග්ගයි

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නොදන්වා ප්‍රීමා සමාගම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 12කින් වැඩිකර ඇතැයි වාර්තා වේ. මීට පෙරද ප්‍රීමා සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට කටයුතු යොදා තිබිණි.
 
මේ පිළිබඳව පාරිභෝගිකයන් අධිකාරියට ඊයේ (02) පැමිණිලි කර ඇති බවද පැවසේ.
 
කෙසේවුවද, අරුණ පුවත්පත වාර්තා කර ඇත්තේ ප්‍රීමා පිටි මිල ඉහළ දැම්මද, බේකරි නිෂ්පාදන මිල වැඩි කිරීමක් නොකරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන බවයි.

මේවන විට බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 5000 ඉක්මවා ඇති බව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන අනාවරණය කර තිබේ.

මීට පෙර සෙරන්ඩිබ් සමාගමද තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් හයකින් ඉහළ දැමූ අතර එම අවස්ථාවේදී බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට බේකර නිෂ්පාදකයින් කටයුතු කළේය.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka