gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇමරිකාවට රට යටත් කිරීමේ කුමන්ත්‍රණකාරී පියවරක් හෙළිවේ

 
ඇමරිකානු සමාගමකින් ඛනිජ තෙල් සංස්ථාව ඩොලර් මිලියන 2,500 ණය මුදලක් ලබා ගැනීම සඳහා උදය ගම්මන්පිල ඇමතිවරයා කැබිනට් අනුමැතිය ලබා ගැනීමත් සමඟ එරට සමාගමක් වෙත ම යුදදනවි එල්එන්ජී බලාගාරයේ කොටස් පවරාදීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ රහසිගත මෙහෙයුමක් දියත් කර ඇත.

පසුගිය සඳුදා (06) කැබිනට් මණ්ඩලය විසින් මෙම කොටස් පවරාදීම අනුමත කළ බව අදාළ නිල ලේඛනවල දක්වා ඇත. සූම් තාක්ෂණය ඔස්සේ රැස්වූ කැබිනට් මණ්ඩලය එවැනි කොටස් පවරාදීම පිළිබඳව කිසිවක් සාකච්ඡා නොකළ බව අනාවාරණය වේ.

ඇමරිකානු සමාගමකින් තෙල් සංස්ථාවට ඍජු ණය මුදලක් ගැනීම සහ මෙම කොටස් පවරාදීම අතර අප්‍රකාශිත සම්බන්ධතාවක් පවතින බව පැහැදිලි වේ. මේ අතර උදය ගම්මන්පිල ඇමතිවරයා පසුගිය සතියේදී විශේෂ හෙළිදරව්වක් කරමින් මන්නාරම් ද්‍රෝනියේ තෙල් සහ ගෑස් හමුවී ඇති බව ප්‍රකාශ කර තිබිණි. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 270කට ආසන්න බව ද වැඩි දුරටත් සඳහන් කර තිබිණි. මෙවැනි ප්‍රචාරයන් ගෙන යන අතර ඉතා රහසිගතව මෙරට බලශක්ති ස්වාධීනත්වය අහිමි කිරීමේ මෙහෙයුම් දියත් කර තිබේ.

-lankatruth
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka