gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

වැටළීමෙන් පසු වී මිල බැහැලා - පොලොන්නරු ගොවීන් නාමල්ට දුක කියද්දී රොෂාන් සහ සිරිපාල පැටළෙයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හමුවීමට ඊයේ (11) පැමිණි ගොවීන් පිරිසක් වී මිල සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන අතරේ රොෂාන් රණසිංහ සහ සිරිපාල ගම්ලත් යන එම දිස්ත්‍රික්කයේ රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇතිවනු දක්නට ලැබිණි. 

කදුරුවෙල ඉදිවන ත්‍රෛභාෂා පාසල නිරීක්ෂණය කිරීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ එහි රැස්වූ ගොවීන් පිරිසක් ඒ මහතාට පැවසුවේ පසුගිය කන්නයෙහි අස්වනු අඩුවී ඇති බැවින් වී කිලෝවක් සඳහා රජය නියම කර ඇති රුපියල් 50ක පාලන මිල ප්‍රමාණවත් නොවන බවයි. තමන් රුපියල් 60ක්වත් බලාපොරොත්තු වන බව පැවසූ ඔවුහු එම මිලට වී විකිණුනු නමුත් පසුගිය දිනවල මේජර් ජනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා විසින් වී මෝල් වැටළීමෙන් අනතුරුව මෝල් හිමියන් ඒ මිලට වී මිලදී ගැනීම නවතා දමා ඇති බවත් පෙන්වා දුන්හ. 

එහිදී වී මෝල් හිමියන්ට චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කතා කළ අතර වී මෝල් හිමියෙකු වන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඊට විරුද්ධව තර්ක කිරීම නිසා තරමක් උණුසුම් තත්වයක් උද්ගත විය. 

කෙසේවෙතත් අවසානයේ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ රජය කිසිවිටෙක ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබන බවත් තමන් පෞද්ගලිකවම මේ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දෙන බවත්ය. 

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka