සුනාමියක් එන්නේ යයි අගුලානේ ජනතාව ගොඩබිමට දුවති…
සුනාමියක් ඇති වෙන්නේ යැයි බියට පත්වී මොරටුව අගුලාන ජනතාව අද අළුයම වෙරළාසන්න තීරයෙන් ගොඩබිම දෙසට දිව ගොස් ඇතැයි පොලිසිය කියයි.
බස්නාහිර වෙරලේ මුහුදේ රළ උස්වන්නේ යයි කාලගුණ දෙපාර්තමේන්තුවෙන් සිදුකරන ද ප‍්‍රකාශයක් මත කිසිවෙකු විසින් සුනාමියක් ඇති වේ යැයි අසත්‍ය ප්‍රකාශයක් ගෙන ගොස් තිබිණි.
පොලිසිය සඳහන් කරන්නේ මෙය කිසියම් අයෙකු ගෙනගිය අසත්‍ය ප්‍රකාශයක් බවයි.
මේ වන විට අඟුලාන ප්‍රදේශයේ තත්වය පාලනය කර ඇති අතර සුනාමි තත්ත්වයක් නොමැති නිසා නිවසේම රැඳී සිටින්න පොලිසිය විසින් දැනුවත් කර තිබේ.
සුනාමියක් එන්නේ යයි අගුලානේ ජනතාව ගොඩබිමට දුවති…
2021-09-12T08:34:00+05:30
Gossip Lanka Hot News






