gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

මේක හයිබ‍්‍රිඩ් ලොක්ඩවුන් එකක්.. ඇදිරි නීතිය දැම්මත් වෙනද වගේම රටේ වැඩ යනවා..

ශ්‍රී ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ මෙරටටම ආවේනික හයිබි‍්‍රඩ් ලොක්ඩවුන් ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා සඳහන් කරයි. අද වන විට ලෝකයේ බොහෝ රටවල ක්‍රියාත්මක වන්නේ මෙවන් ආකාරයේ ලොක්ඩවුන් සීමා බවද ඒ මහතා පවසයි.

රට තුළ අත්‍යවශ්‍ය සේවා කර්මාන්ත ආදිය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දී ඇති බව පැවසූ ඔහු අපනයන වෙළඳාමට අදාළ කටයුතු කිසිසේත්ම නැවතීමට නොහැකි බවද පැවසීය.

රට සම්පූර්ණයෙන්ම වසා දැමීම වසංගතය මර්ධනය සුදුසුම ක්‍රමවේදය නොවන බව ද පැවසූ ඔහු නවසීලන්තය ඕස්ට්‍රේලියාව රටවල් දැඩි සීමා ක්‍රියාත්මක කලද එහි ද ආසාදිතයන් වාර්තා වන බව කියා සිටී.

එමෙන්ම ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම අක්‍රිය කර දැමීමට තරම් ආර්ථිකය ශක්තිමත් නැති බවද ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර ගැනීමට පෙර පැවැති පාලනය ආර්ථිකය ශක්තිමත් කළේ නම් රටත් සම්පූර්ණයෙන්ම වසා දමා හෝ වසංගතය මර්ධනය කිරීමට හැකියාව තිබූ බවද ඔහු තවදුරටත් සදහන් කලේය.

මාතර ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka