ශ්රී ලංකා නිදහස් පක්ෂයට අද සිදුව ඇති දකින විට තමනට උදේ ඇදෙන් නැගිටින්නට පණ නැති වී යන බව හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
තමන් ද මේ තත්ත්වයට වගකිව යුතු බවත් හැඟීයන්නේ යැයිද ඇය කියා සිටියි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුම මගින් වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර ඇත.