දරුවන්ට දිය යුත්තේ ෆයිසර් එන්නතයි.. එන්නත් කල යුත්තේ වෛද්‍යවරුන් යටතේ පමණයි…
පාසල් ආරම්භ කිරීමට නම් පාසැල් සිසුන්ට ෆයිසර් එන්නත් ලබාදිය යුතු බවට තාක්ෂණික වාර්තාවක් ඉදිරිපත් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කළේ ලෝකයේ ඇති දත්ත අනුව වයස අවුරුදු දොළහට අඩු දරුවන් සඳහා එන්නත්කරණය නොකල යුතු බවයි.
දරුවන් එන්නත් කිරීම ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවද ඒ මහතා කියා සිටියේය.
දරුවන් සඳහා එන්නත් කිරීම ඉතාම ක්‍රමානුකූලව ඉතාම පරිස්සමින් සිදුකළ යුත්තක් බවත් ඔහු පැවසී්‍ය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම මේ බව පැවසීය.
දරුවන්ට දිය යුත්තේ ෆයිසර් එන්නතයි.. එන්නත් කල යුත්තේ වෛද්‍යවරුන් යටතේ පමණයි…
2021-09-12T18:43:00+05:30
Gossip Lanka Hot News






