දැවැන්ත විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න…- JVP
දැවැන්ත ජනතා විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ආණ්ඩුව විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ වලට ජනතාවට සහන නොදේ නම් එවන් විරෝධතාවකට මුහුණ දීමට සූදානම් වන්නැයි එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ දී ඔහු පෙන්වා දුන්නේ කොරෝනා වසංගතය හමුවේ වසර එකහමාරකට වැඩි කාලයක් තිස්සේ පීඩාවට පත්ව සිටින ජනතාව තව තවත් පීඩාවට ලක් කරමින් බඩු මිල ඉහළ දැමීමේ ආණ්ඩුවේ තීන්දුව හකුලා ගන්නා ලෙසයි.
එසේ හකුළාගෙන ජනතාවට සහන ලබා දීමට කටයුතු නොකළහොත් ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත විරෝධයට මුහුන දීමට සූදානම් වන්නැයිද ඔහු පැවසීය.
දැවැන්ත විරෝධතාවයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න…- JVP
2021-09-12T18:47:00+05:30
Gossip Lanka Hot News






