gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඇතුලේ ඕන එකක්, පිටදී සෙල්ලම් දාන්න එපා – රජයෙන් ඉල්ලීමක්

ඉතාලියේදී අගමැති මහින්ද රාජපක්ෂට විරුද්ධව උද්ගෝෂණයක් සංවිධානය වී තිබීම අතිශය සංවේදී කරුණක් බව ජන මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. විවිධ අවස්තා වලදී මෙලෙස උද්ගෝෂණ සිදු වන්නේ කොටි හිතවාදී, අන්තවාදීන් වැනි විවිධ ගණයේ ආධාරකරුවන්ගෙන් වුවත් මෙවර ඉතාලි උද්ගෝෂණ සඳහා සහභාගී වී සිටියේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියන් පිරිසකි.

අගමැතිටත් වත්මන් රජයටත් විරුධත්වය පළ කරමින් ඔවුන් රජය පළවා හරිය යුතු බවට පවසමින් ඔවුන් මෙලෙස දියත් කළ විරෝධතා දිගටම සිදු කරන බවටද අනතුරු අඟවමින් පාස්කු ප්‍රහාරයට සාධාරණයක් සිදු නොවීම, බඩු මිල ඉහල දැමීම, කොවිඩ් වසංගත පාලනය බිඳ වැටීම යන කරුණු මතු කළේය. එහිදී ඔවුන් පැවසුවේ යහපාලනය සමඟ එකට එකතුවී වත්මන් රජය රට විනාශ කළ බවයි.

කෙසේවෙතත් මේ ගැන අද පවතී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඩලස් පැවසුවේ මෙවැන්නකි, “රට අභ්‍යන්තරයේ විවිධ මත ගැටුම් තියෙන්න පුළුවන්. ඒවා නන් අයුරින් එළියට දාන්නත් පුළුවන්. මෙහෙම වෙනත් රටකදී විරෝධතා දැක්වීමෙන් රටේ අනන්‍යතාවය බිඳ වැටෙනවා. ඒවගේම අපේකම නැති වෙනවා. රටේ දෙයක් තියෙනවා නම් රට ඇතුලේ විසඳගමු. වෙනත් රට වලදී අපේ ලංකේය අනන්‍යතාවය බිදින්න එපා” රටේ අනන්‍යතාවය පළුදු කරන්න එපා


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka