සතොස මහා සුදුලූනු වංචාව වහන්න දේශපාලන බලපෑම්! ධුරයෙන් යන්නැයි පරීක්‍ෂණ බලධාරියාට කියලා!
සතොස ගබඩාවෙන් සුදු ලූනු කිලෝ 56,000 ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතාට එම තනතුරෙන් ඉවත් වන ලෙස දේශපාලන බලපෑම් එල්ල වී ඇත.
තමා මෙම තනතුරට පත්කළේ දූෂණය සහ නාස්තිය වැළැක්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ එකඟතාව මත බවත්, තමා ඉවත් කරන තෙක් ඉවත්ව නොයන බවත් ඒ මහතා පැවැසීය.
පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් සුදු ලූනු වංචාව හඳුනා ගැනීමේදී සතොස විසින් ඒවා ගෙන්වා ඇත්තේ සුදු ලූනු ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසුව බවට අනාවරණය වූ බවත් පෞද්ගලික ආයතනයකට ඒවා අලෙවි කර ඇත්තේ ලදුපතක් (ඉන්වොයිස්) හෝ ලබා ගැනීමකින් තොරව බවත් හෙළිවී ඇතැයි ගුණවර්ධන මහතා කීය.
මේ ආකාරයෙන් උඳු ආනයනය කර තෙවැනි පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
– divaina
සතොස මහා සුදුලූනු වංචාව වහන්න දේශපාලන බලපෑම්! ධුරයෙන් යන්නැයි පරීක්‍ෂණ බලධාරියාට කියලා!
2021-09-14T10:37:00+05:30
Gossip Lanka Hot News





