gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අජිත් නිවාඩ් කබ්රාල් මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මහ බැංකු අධිපති ධූරය භාරගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ආරාධනාවක් ලැබුණු අතර තමන් එය මේ පිළිගෙන තිබෙන හෙයින් අතර ඉදිරි දිනකදී තමන්   පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේය.

රජය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ලංකා නිවුස් වෙබ් වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි.

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ පසු මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බවත් අනතුරුව වසර අටකට වැඩි කාලයක් අධිපති ලෙස සේවය කළ මහා බැංකුවට නැවත වරක අධිපති ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වෙන බවයි කබ්රාල් මහතා සඳහන් කරන්නේ. 

මෙහිදී ඔහු කැබිනට් බලතල සහිත තනතුරක් බලාපොරොත්තු වීමට හේතුවද පැහැදිලි කරන ලදී..

''මේ අවස්ථාව ටිකක් අමාරු අවස්ථාවක්. ලෝකයත් එක්ක අපිට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. එවැනි අවස්ථාවක මහ බැංකු අධිපතිවරයාට එවැනි ශ්‍රේණියක් රටේ තිබෙනවා නම් ඒ කතාවන් ක්‍රියාවන් ලෝකයේ පිළිගැනීමට ලක්වෙනවා. රටට එකෙන් ලැබෙන වාසිය වැඩියි කියලයි මම හිතන්නේ. එවැනි පිළිගැනීමක් එම තනතුරට ලැබෙනවා නම් හොදයි කියල තමයි මම හිතන්නේ. ඒ නිසා තමයි එවැනි තත්ත්වයක් ඇතිකරන්න කියල ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරලා තියෙන්නේ. එය කරාවි. එය අත්‍යවශ්‍යයි.''

එමෙන්ම ලොව බොහෝ රටවල මහ බැංකු අධිපති ධූරය කැබිනට් ඇමති ධූරයට සමාන තත්ත්වයේ පවතින බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka