gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

තවත් ප‍්‍රකට විශේෂඥ වෛද්‍යවරයෙක් කොරෝනා කමිටුවෙන් ඉල්ලා අස්වේ!

කොරෝනා මර්ධන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වයෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා ද ඉල්ලා අස්වී තිබේ.

ඊයේ දිනයේ තමන් එම කමිටු සාමාජිකත්වය ඉල්ලා අස් වූ බව ඔහු සඳහන් කළේය.

තමන්ගෙන් එම කමිටුවට සෙතක් වේයැයි නොසිතුණ හෙයින් ඉල්ලා අස් වූ බව පැවැසූ ඒ මහතා නිර්වින්දන සංගමයේ සභාපතිවරයා ලෙසත් තමන් එම කමිටුවට සම්බන්ධ වී වසර එක හමාරක කාලයක් නොකඩවා කටයුතු කළ බවද පැවසීය.

විවිධ බලපෑම් මත සෞඛ්‍ය අමාත්‍යාංශය හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විද්‍යාත්මක පදනමකින් තොරව එන්නත්කරණය පිළිබඳව ගන්නා තීන්දුවට විරෝධය පළ කරමින් ඔහු ඉන් ඉල්ලා අස්වී තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka