gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka

නාමල් යටතේ අධීක්ෂණ මන්ත්‍රීවරු 50ක්...ඔවුන් සියලු දෙනාට නිල රථයක් සහ දීමනාවක්!

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා යටතේ අධීක්ෂණ මන්ත්‍රී ධූර 50ක් පත්කිරීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මහතා හට පසුගිය කාලයේදී ගැසට් කරන ලද නව ආයතන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීම සදහා මෙසේ මන්ත්‍රීවරුන් 50ක් පත් කිරීමට ඒ අනුව යෝජනා වී ඇත.

ඉකුත් දෙදින තුළ පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමග සාකච්ජා කොට ඇති බවද දැනගන්නට තිබේ.

මේ අතර එම පත්කිරීමට යෝජනා වී ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන් 50 දෙනා හට නිල රථයක් සහ දීමනාවක් ලබා දීමට යෝජනා වී ඇත.

ඒ මහතා යටතේ ක්‍රියාත්මක වීමට නියමිත ව්‍යාපෘති අධීක්ෂණය කිරීම වෙනුවෙන් මෙම නිල රථ සහ දීමනාව ලබා දීම සිදුවනු ඇති බව වාර්තා වේ.

ඉදිරි දින කිහිපය ඇතුළත මෙම පත්කිරීම් සිදුකිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka