14 හැවිරිදි සිසුවාගේ ඝාතකයින් කෑලෑවකදී ගිනිඅවි සමග කොටු කර ගත් හැටි මෙන්න
පසුගිය 19 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වූ 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රක්ෂිත කැලෑබද ප්‍රදේශයක දී තවත් සැකකරුවෙකු සමඟ සැඟ වී සිටිය දී ඊයේ රාත්‍රියේ, වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහු ව අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.
අත්අඩංගුවට පත් වෙනවිට ඝාතනයට යොදාගත් ගිනි අවිය ද සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.
සැකකරු සමඟ සිටි අනෙත් පුද්ගලයා සතුව ද දේශිය ව නිෂ්පාදනය කළ ගිනි අවියක් තිබී ඇති අතර, එය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා ලබන 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨඅද (22) නියෝග කළේය.
14 හැවිරිදි සිසුවාගේ ඝාතකයින් කෑලෑවකදී ගිනිඅවි සමග කොටු කර ගත් හැටි මෙන්න
2021-09-22T19:13:00+05:30
Gossip Lanka Hot News





