සතොස සුදුළුණු කිලෝව 135ට ව්‍යාපාරිකයෙකුට විකුණා නැවත ඔහුගෙන්ම කිලෝව 450ට ගන්නවා - අස්වූ ලොක්කා හෙලි කරයි
සතොස ආයතනයේ අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ සුදු ලූනු කන්ටේනර් දෙකක් කිලෝවක් රුපියල් 135 බැගින් ව්‍යාපාරිකයකුට විකුණා දමා ඇති බවත් ඇති බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ කුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
පසුව එම සුදුළූණුම නැවතත් සතොසට රුපියල් 450 බැගින් ගෙවා මිලට ගැනීමක් සිදු කර ඇතැයි ද ඔහු පවසයි.
මේ ආකාරයට සීනි, පිටි, පාන් පිටි ආදී භාණ්ඩ රැසක්ම විකුණා දමා නැවත මිලට ගෙන ඇති බව ද ඔහු කියා සිටියි.
තමන් මේ සම්බන්ධයෙන් ඉහළටම දැනුම් දී ඇති බවත් රහස් පොලිසියට පැමිණිලි කර ඇති බවත් පවසන ඔහු ඉහල කළමනාකාරීත්වයෙන් නොදැන මෙහෙම දෙයක් සිදුවිය නොහැකි බවත් අවධාරණය කරයි.
සතොස සුදුළුණු කිලෝව 135ට ව්‍යාපාරිකයෙකුට විකුණා නැවත ඔහුගෙන්ම කිලෝව 450ට ගන්නවා - අස්වූ ලොක්කා හෙලි කරයි
2021-09-22T19:23:00+05:30
Gossip Lanka Hot News





