gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලබන ජනපතිවරණයේදී දිනන ඡන්දපොළ ගාන තිස්ස කියයි

සමගි ජන බලවේගයේ අනුමැතිය මත තමන් විශේෂ වැඩ සටහන් 2ක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා  සඳහන් කරනවා. එම වැඩසටහන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ හා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි අත්තනායක මහතා පෙන්වා දෙන්නේ.

වැඩ සටහන් දෙකක්

ඉන් එකක් වන්නේ "සදහම් යාත්‍රා" වැඩසටහන වන අතර අනිත් වැඩසටහන වන්නේ "ජන පවුර" වැඩ සටහන බව ජාතික සංවිධායකවරයා පෙන්වා දෙනවා.

යම් පක්ෂ වලට බෙදී ඡන්දය ප්‍රකාශ කරන පිරිසට වඩා සිය ඡන්දය ප්‍රකාශ කොට කාටද ඡන්දෙ දුන්නෙ යැයි ප්‍රකාශ නොකරන පාවෙන ඡන්ද සංඛ්‍යාව ඉතා වැඩි බවයි ජාතික සංවිධායකවරයාගේ මතය වන්නේ.

එය පසුගිය ජනපතිවරණයේදී දෙවන වතාවට වූ බව පෙන්වා දෙන අත්තනායක මහතා 2015 ජනපතිවරණයේදී පලමු වතාවට පාවෙන ඡන්ද ප්‍රමාණය ඉහලට ගිය බවයි සඳහන් කරන්නේ.

වැඩිම පාවෙන ඡන්ද

තමාගේ උපකල්පනයට අනුව ප්‍රධාන පක්ෂ දෙකට තිබෙන්නේ 40% ක පමණ ඡන්ද ප්‍රමාණයක් වන අතර ඉතිරි ඡන්ද ප්‍රමාණය පාවෙන ඡන්ද බව අත්තනායක මහතා පෙන්වා දෙනවා.

ලබන ජනපතිවරණයේදී සමගි ජන බලවේග අපේක්ෂකයාට ජයග්‍රහණය කර වීමට නම් ඡන්දපොල 12500 න් ඡන්ද පොළ 8000ක් ජයග්‍රහණය කළ යුතු බවයි ජාතික සංවිධායකවරයාගේ මැනිම වන්නේ.

ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා "ජන පවුර" වැඩ සටහන තමන් ක්‍රියාත්මක කරන බවයි අත්තනායක මහතා පෙන්වා දෙන්නේ.

තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයාව සිටියදී ක්‍රියාත්මක කළ ඡන්ද පොළ 12000 වැඩ සටහන ඔහු පක්ෂයේ නොසිටියද 2015 ජනපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ජයග්‍රහණය සඳහා බලපෑ බව ප්‍රකට කරුණක්.

-ඒෂියන් මිරර් 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka