gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

එස්.බී හා ඩිලාන්ගේ සරණට විපක්ෂය එයි: සහන දෙන්න සූදානම්

ඉතා අසරණභාවයට පත්ව සිටින එස්.බී.දිසානායක සහ ඩිලාන් පෙරේරා යන ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහන ලබාදීමට සමගි ජන බලවේගය තීරණය කොට තිබෙනවා. ඒ බව හෙළිදරව් කරන්නේ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතායි.

අසරණභාවයට පත් මන්ත්‍රීවරු

යහපාලන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධුරයක් දැරූ එස්.බී.දිසානායක මහතා හා එම ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධුරයක් දැරූ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් පත්ව ඇති අසරණභාවය හෙළිදරව් වූයේ ඔවුන්ගේ වැටුප් කොවිඩ් අරමුදලට කැපීමට යෝජනා වූ අවස්ථාවේ.

එම දෙපළම තමන්ගේ පාර්ලිමේන්තු වැටුප් බැංකු ණය සඳහා කැපී යන හෙයින් එය කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැව් මාධ්‍ය හමුවේ සඳහන් කළා.

එස් බී ට වැඩි සහන

ඒ අසරණභාවයට පිළිසරණක් ලෙස එස්.බී.දිසානායක මහතාට රු. 2000 සහන බඩු මල්ල යැවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බැව් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

ඊට අමතරව දිසානායක මහතාගේ ගොවිතැන් කටයුතු සඳහා තෙල් ඉසින යන්ත්‍රයක් යැවීමටත් කටයුතු කරන බවයි මන්ත්‍රිවරයා සදහන් කරන්නේ.

ඩිලාන්ට ස්වයං රැකියාවකට සහන

ඩිලාන් පෙරේරා මහතාටත් යම් ආදායමක් ලැබීම සඳහා ස්වයං රැකියාවක් කිරිමට තණකොළ කපන මැෂිමක් හෝ පක්ෂයේ ආධාර මත යවන බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා අදාල මන්ත්‍රීවරුන් දෙපලට මෙම සහන ලබාදීම පිළිබදව කරුණු හෙළිදරව් කළේ මාධ්‍ය හමුවක් තබමින්.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka