අද රෑ 12න් පසු පළාත් අතර සංචරණය සපුරා තහනම්… එන්නත් මාත්‍රා 2 නොගත් අයට 15 සිට පොදු ස්ථාන තහනම් !
අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා සම්පූර්ණයෙන්ම තහනම් කරන බවත්, එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් බවට වූ සහතික පත්‍රය නොමැති කිසිවෙකුට සැප්තැම්බර් 15දායින් පසුව කිසිම පොදු ස්ථානයකට ප්‍රවේශ විය නොහැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කරයි.
පළාත් අතර සංචරණයට අවසර ලැබෙනුයේ සෞඛ්‍ය, වරාය, ගුවන්තොටුපල ඇතුළු අත්‍යාවශ්‍ය සේවාවන් හා කෘෂි කාර්මාන්ත සේවාවන්හි නිරත හා ආයෝජන මණ්ඩලය විසින් අනුතමත කළ කම්හල්වල රැකියාවල නිරත පිරිසට පමණක් බවත් එම නිවේදනයේ දැක්වේ.
පළාත් අරත සංරණ සීමා සම්පූර්ණයෙන් නවත්වා ඇත.
රාජ්‍ය හා පුද්ගලික දෙ අංශයේ කාර්ය මණ්ඩල සේවයට කැඳවීමේ දී අවශ්‍යතා අනුව අදාළ පළාතෙන් පිට පදිංචි සේවකයන් කැඳවීමේ බලය ආයතන ප්‍රධානීන්ට පැවරී ඇත.
පෞද්ගලික ව්‍යාපාරික ආයතනවල කාර්ය මණ්ඩල සේවයට කැඳවිය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සේවා ස්ථානයේ ඉඩ ප්‍රමාණය සැලකිල්ලට ගනිමිනි.
එම නිවේදනය පහත දැක්වේ…
අද රෑ 12න් පසු පළාත් අතර සංචරණය සපුරා තහනම්… එන්නත් මාත්‍රා 2 නොගත් අයට 15 සිට පොදු ස්ථාන තහනම් !
2021-08-13T19:58:00+05:30
Gossip Lanka Hot News






