මංගලට සහ ප්‍රසන්නට කොරෝනා ආසාදනය වෙයි
වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙනවා.
කොරෝනා ආසාදනයවූ විසි වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුය.
කොරෝනා ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මේ අතර හිටපු මුදල් ඇමති මංගල සමරවීර මහතාට ද කොරෝනා ආසාදිත වී තිබේ.
ඊයේ කරන ලද පී.සී.ආර් පරීක්ෂණයකින් අනතුරුව මංගල සමරවීරට කොවිඩ් ආසාදනය වී ඇති බව අද (13) තහවුරු වීමත් සමග ඔහු පුද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
ඔහුගේ කාර්ය මණ්ඩලය හා ආශ්‍රිතයන් නිරෝධායනය කර තිබේ.
මංගලට සහ ප්‍රසන්නට කොරෝනා ආසාදනය වෙයි
2021-08-13T20:24:00+05:30
Gossip Lanka Hot News





