gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් වසංගතය තරම්ම දරුණු ජනතා ප්‍රශ්නවලට අසංවේදී දේශපාලනයට එරෙහිව 21 දා කළුකොඩි ඔසවන්න - කාදිනල් හිමි ජාතියෙන් ඉල්ලයි

පාස්කු ප්‍රහාර විමර්ශනයේ බරපතල සැක සහිත තැන් පිළිබඳ ප්‍රශ්න කරමින් තමන්වහන්සේ ඇතුළු කතෝලික සභාවේ වගකිවයුතු ඉහළ නිලයන් ජනපතිවරයා වෙත යැවූ ලිපියට දින 24ක් ගතවූ පසුත් ගෞවණීය  පිළිතුරක් ලබා නොදීමට එරෙහිවත්,   කොවිඩ් වසංගතය සේම  පරාජය කළ යුතු ජනතාවගේ  ප්‍රශ්න පිළිබඳ අසංවේදී රාජ්‍ය පාලන ක්‍රමයට එරෙහි විරෝධය දැක්වීම සඳහාත් ලබන 21 දා සැලසුම් කර ඇති කළුකොඩි විරෝධතාවයට ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ටම එක් වන ලෙස    කාදිනල් තුමා අද (13) ජාතියෙන් ඉල්ලා සිටියහ.

උන්වහන්සේ මේ ඉල්ලීම කළේ අද (13) අගරදගුරු නිවසේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

පාස්කු ප්‍රහාරයෙන් අපමණ දේශපාලන වාසි ලබා ගනිමින් ප්‍රහාරය සැලසුම් කළ අය එක් මසකින් රටට හෙළි කරන බවට පොරොන්දු වෙමින් බලයට පැමිණි මේ රජය අද එම ප්‍රශ්න හිතා මතාම මග හරිමින් සිටින බවත්, ප්‍රශ්න නගන වාරයක් පාසා කෙසේ හෝ එය යට ගසන බවත් ප්‍රකාශ කරන්නට වීම කණගාටුවක් බවත් උන්වහන්සේ කීහ.

මේ කොවිඩ් වසංගත තත්වය උත්සන්න වී ඇති අවස්ථාවේ ජනතාවගේ ජීවිත අනතුරේ දමා උද්ඝෝෂණ පැවැත්වීමට තමන්වහන්සේගේ අදහසක් නැතැයි කී කාදිනල් තුමා ඔවුන් පෙළන මේ වේදනාව ප්‍රකාශ කිරීමට ලබන 21 දා සියලුම කතෝලික බැතිමතුන් ස්වකීය නිවෙස්වල හා වැඩකරන ස්ථානවල කළු කොඩි දමා ප්‍රකාශ කරන බව පැවසූහ.

“ කොවිඩ් වසංගතය වගේම දරුණු මේ අනිත් වසංගතය, එනම් රට වැසියාගේ දුකට වේදනාවට අසංවේදී රාජ්‍ය පාලන ක්‍රමයක්, දේශපාලන අතපෙවීම්වලට සියල්ල යට කිරීමත්, ජනතා හෘද සාක්ෂිය මර්ධනය කිරීමේ වැඩපිළිවෙළත් අප පරාජය කළ යුතු වෙනවා.  එම නිසා ජාති ආගම් භේද නොතකා මේ විරෝධතාවයට අප සමග එක්වන්න කියලා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. “

කාදිනල්වරයා වැඩිදුරත් කීහ. අගරදගුරු නිවසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

-කීර්ති ප්‍රනාන්දු


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka