gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නිහාල් නෙල්සන්ට ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීතය ලියා දුන් ශාන්ත හිමි අපවත් වෙයි!

ගිරිඋල්ල  බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වී ඇත.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම්. පතිරාජ කියා සිටියේ, කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර තත්ත්වයක් හේතුවෙන්,  උන්වහන්සේ  අපවත් වූ බවයි.

ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව කටයුතු කළ සුමනශාන්ත හිමියන්, එකල ජනප්‍රිය ගීත රැසක් ලියූ ගීත රචකයකු ලෙස ප්‍රකටය.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් ආනන්ද පද්මසිරි සිය ෆේස්බුක් ගිණුමෙහි මෙවැනි සටහනක් තබා තිබිණ.

“ලස්සනට පිපුන වනමල් ” – “එපා එපා මස් කන්නට” ( නිහාල් )- “රූසිරිය ඈගේ ” ( වර්නන්) – “මුතුමැණිකේ උදේ රැයින් ” ( සී.ටී. ) වැනි ජනප්‍රිය ගී ලියූ , ගිරිඋල්ල  බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා  විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන්   අපවත් වූ බව  ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම් . පතිරාජ  ඉතාමත් සංවේගයෙන් දන්වා සිටී .

  අද  කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර වී  උන්වහන්සේ එක වරම අපවත් වූ බව දිනේෂ්    කියයි..ගිහි කල සරත් මුණසිංහ නම් ප්‍රකට කවියෙකුව ” මධු බිංදු ” ගී පොත සංස්කරණය කළ අතර පසුව ජෝතිර්වේදියෙකු ලෙසද ක්‍රියා කළේය . පැවිදි වූ පසුව නිහාල් නෙල්සන් හා එක්ව වාර්ෂිකව ගව අභයදාන පින්කම් රාශියක් කළ උන්වහන්සේ මට අවසන් වරට හමු වූයේද මොරටුවේ ” නිහාල් නෙල්සන් මාවත ” නම් කළ උළෙලේදීය . ජෝතිෂයට අනුව නම් යෙදීමේදී මටද උන්වහන්සේ සහාය දැක්වූ බව කෘතවේදීව සිහි කරමි . 

කොරෝනා නිසා මෙන්ම එන්නත නිසාද වටිනා  ජීවිත අහිමි වීම බලවත් කනගාටුවකි. ගරුතර මීගහවෙල සුමනශාන්ත නාහිමිපාණන්ට උතුම් නිවන් සුව ලැබේවායි පතන්නෙමි….

මේ අතර ජනප්‍රිය ගායකයෙක් වූ නිහාල් නෙල්සන් ද මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන්, මෙලෙස සටහනක් තබා තිබුණා..

දෙවෙනි මනමාලයා වූවෙත් මමයි ඔබගේ              විවාහේ 

මගේ ගමනට දිරිය දුන්නේ ඔබේ ගී පද                   ප්‍රවාහේ 

නොසිතු විපතකි ඉතින් හද තුළ සතුට සැනසුම නොවෑහේ 

සිතින් සිත අද හමා යන්නේ ඔබේ යහගුණ             ප්‍රවාහේ

පර උනාදෝ නොසිතු මොහොතක ලස්සනට පිපි   වනමල් 

අභය දානය ලැබූ ගව සේනාවෙ ඇස්වල                  කඳුලැල්  

සසර මෙය  වෙයි කුමක්  කරමිද නැගී ආවත්         ළතැවුල් 

මහිමි නිවනේ නිවේවා මම පතමි පුදලා                   සුදු මල්


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka