යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඇති කොවිඩ් මර්දන විශේෂ කාර්ය සාධන බලකාය අසාර්ථක බව යළිත් වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද (5) ප්‍රකාශ කළා.
අධ්‍යක්ෂක ජනරාල්ගේ කතාවට එකඟතාව
තමාටද කණගාටුවෙන් යුතුව කිව යුත්තක් තිබෙන බව ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා තමාටද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කියපු කාරණයට එකඟ වීමට සිදු වන බව සඳහන් කරමිනුයි වික්‍රමසිංහ මහතා ඒ බැව් සඳහන් කළේ.
මේ කොවිඩ් මර්දන විශේෂ කාර්ය සාධන බලකාය තිබෙනකන් අපට සිදුව තිබෙන්නේ මිනිස්සු මැරෙනකං බලාගෙන සිටීමට පමණක් බවයි වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ.
වගකීම කැබිනට්ටුව බාරගන්න
එ නිසා කරුණාකර කැබිනට් මණ්ඩලය කොවිඩ් මර්දනය කිරීමේ වගකීම බාරගෙන ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත් යෝජනා කළ වික්‍රමසිංහ මහතා ඊට තමන් ඇතුළු විපක්ෂයේද සහාය හැකි ප්‍රමාණයෙන් ලබාදීමට හැකි බවයි සඳහන් කළේ.
වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කරන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාට සභාවේ සිටි අතර සුනාමි ව්‍යසනය වෙලාවේ එවකටද අග්‍රාමාත්‍ය සිටි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන ව්‍යුහය දින තුන හතරක් ඇතුළත රටට සහනයක් දුන් අය බව මතක් කර දුන්නා.
පළපුරුදු නැති නිලධාරීන්
එනිසා මේකට පළපුරුදු නැති නිලධාරීන් දාන්නෙ කුමකට දැයි ප්‍රශ්න කළ වික්‍රමසිංහ මහතා මෙම වගකීම කැබිනට් මණ්ඩලයට භාරගන්නා ලෙස යළිත් වතාවක් ඉල්ලීමක්ද කලා.
සෞඛ්‍ය ඇමතිවරියගේ උපදේශන සභාවටද විපක්ෂයේ සහාය ලැබෙන බව සහතික කළ වික්‍රමසිංහ මහතා කොවිඩ් පැතිරෙන්නේ එය කොවිඩ් මර්දන විශේෂ කාර්ය සාධන බලකායට පාලනය කරන්න බැරි නිසා බවත් එය තමා විතරක් නොව විපක්ෂයේ සිටින අන් අයද මීට පෙර ප්‍රකාශ කොට ඇති බවද සඳහන් කළා.
රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ කාර්ය සාධන බලකාය විවේචනය කරද්දී අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ඊට කිසිදු බාධාවක් පල නොකිරීමද දක්නට ලැබුණා.
