gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

“තලේබාන්වරු පිළිගන්න ගිහින්, නැතිකරපු ත්‍රස්තවාදය යළි ඇතිවෙයි ?” - එජාප නායකයා අනතුරු අගවයි (video)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇෆ්ගනිස්ථානය තලෙයිබාන්වරුන් යටතට පත්වීම පිලිබඳ සිය අදහස් පල කරමින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා.

 “කොවිඩ් වසංගතයට මුහුණ දෙන ලෝකයට දැන් අලුත් තර්ජනයකටත් මුහුණ දෙන් සිදුව තිබෙනවා. එනම් ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය බලය තලෙයිබාන් කණ්ඩායම විසින් අල්ලා ගැනීමයි.

තාලෙයිබාන් කණ්ඩායම මීට පෙර ඇෆ්ගනිස්ථානය පාලනය කරද්දී ජිහාඩ්වාදී, ත්‍රස්තවාදී කණ්ඩායම් ගණනාවක් සමග එකතුව සිටියා.

ඇමරිකාවට සැප්තැම්බර් 11 දා ප්‍රහාරය එල්ල වූවේත් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානය මගිනුයි.

පවතින අලුත් තත්ත්වයේදීත් තලෙයිබාන් ආණ්ඩුවක් යටතේ යළිත් ජිහාඩ්වාදී ත්‍රස්තවාදී සංවිධානවල මධ්‍යස්ථායක් බවට ඇෆ්ගනිස්ථානය පත්වෙතැයි යන සැකය සැවොම තුළ තියෙනවා.

ඒ බව අප ද මතක තබා ගත යුතුයි.

කුරානයේ වැරදි අර්ථකතනයක් මත ලෝකයේ තිබෙන රාජ්‍යයන්ටත්, ජනතාවටත් ප්‍රහාර එල්ල කිරීම අප කිසිවෙකුටත් අනුමත කිරීමට නොහැකි යි.

එහි තර්ජනය සාම්ප්‍රදායික මුස්ලිම් රාජ්‍යවලටත්, අනෙක් රටවල්වලටත් එල්ල වී තිබෙනවා.

එමනිසා මේ අවස්ථාවේදී අපි මේ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. තලෙයිබාන් පාලනය පිළිගැනීමට අපට යුක්ති සහගත හැකියාවක් නැහැ.

සාමාන්‍ය තත්ත්වයක් ඇතිවීම තුල ත්‍රස්තවාදි කණ්ඩායම් ඉවත් වෙනවා නම් පමණක් අපට මෙම පාලනය ආණ්ඩුවක් ලෙස පිළිගත හැකියි.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය අප ඉන් ඉවත් කරගත යුතුයි.

අපට මධ්‍යම ආසියාවේ තානාපති කාර්යාලයක් අවශ්‍යයි. එතනදී වෙනත් රටක අපට එය ආරම්භ කළ හැකියි. එමනිසා රජය දැනට තලෙයිබාන් පාලනය පිළිනොගෙන අනාගතය දෙස බලා තීරණයක් ගත යුතුය යන්න මගේ අදහසයි.

ඒ වගේම තලෙයිබාන්වරු ත්‍රස්ත්‍රවාදීන්ට මධ්‍යස්ථානයක් හදලා දෙනවා නම් එය වැළැක්වීමට ගත යුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතුයි.

එරටට ගමන් කිරීම ආදී සියල්ලම පාලනය කිරීමට යම් පියවරක් ගැනීමට ආණ්ඩුවට සිදුවේවි.

එසේම පවතින මෙම තර්ජනය ගැන අවධානය යොමු කරමින් අපි ක්‍රියාකළ යුතුයි. එසේ නොකරන්නේ නම් අප මතක තබාගත යුතු කරුණක් තිබෙනවා.

එනම් බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ මේ තලෙයිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අප මේ කලාපයෙන් නැති කළ ත්‍රස්තවාදය යළි ඇති කරන්න කටයුතු කරන්නේද යන කාරණයයි.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka