ජනපති අද ජාතිය අමතයි - මහනාහිමිවරු බැහැදකින්නත් සූදානමින්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇති බව වාර්තා වේ.
රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිලිබඳවත් ජනාධිපතිවරයා එහිදී රට හමුවේ කරුණු පැහැදිලි කරනු ඇතැයි වාර්තා වේ.
මේ අතර, ජනාධිපතිවරයා හෙට (21) දිනයේ දී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ,රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
ජනපති අද ජාතිය අමතයි - මහනාහිමිවරු බැහැදකින්නත් සූදානමින්
2021-08-20T07:03:00+05:30
Gossip Lanka Hot News





