රට විශාල අවදානමක.. රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න - ඇමති සුදර්ශිනී අයදී!
කොරෝනා පැතිරීමත් සමග ශ්‍රී ලංකාව විශාල අවදානමක සිටින හෙයින් ගමේ රෝහල්වලට හැකි ශක්ති ප්‍රමාණයෙන් උදව් කරන්නැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විදේශයන්හි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරන්නීය.
ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට රෝහල් සඳහා උදවු උපකාර රැසක් කර ඇති බවත් එම ශ්‍රී ලාංකිකයන්ට තමා ස්තුතිය පුද කරන බවත් ඇය සඳහන් කළාය.
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග ශ්‍රී ලංකාව දැඩි අවදානම්කාරී තැනකට පැමිණ ඇතැයි රාජ්‍ය ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.
– lankadeepa
රට විශාල අවදානමක.. රෝහල්වලට හැකි පමණින් උදව් කරන්න - ඇමති සුදර්ශිනී අයදී!
2021-08-20T07:55:00+05:30
Gossip Lanka Hot News





