gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

දින 13කදී කොරෝනා මරණ 1,000ක්: අවසන් සතිය තුළ මියගිය ගණන 576ක් !

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 5,000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර ඉන් මරණ 1000ක් ම වාර්තා වී ඇත්තේ දින 13ක කාලය ඇතුළත බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙරට පළමු කොරෝනා මරණයේ සිට කොරෝනා මරණ 1000 ඉක්මවා යාම සඳහා මාස 13ක කාලයක් ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තාවල සඳහන් වේ.

එසේ ම, කොරෝනා මරණ 2000 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ දින 23ක කාලයක් අතරතුර වන අතර කොරෝනා මරණ 3000 සීමාව ඉක්මවා යෑමට දින 19ක කාලයක් ගතව ඇත.

මෙරට කොරෝනා මරණ 4000 සීමාව ඉක්මවා යාම සඳහා දින 23ක කාලයක් ගත වී තිබේ.

තවද ජූලි 31 දින සිට අගෝස්තු 6 දක්වා ගතවූ ඉකුත් සතිය තුළ කොරෝනා මරණ 576ක් වාර්තා වී ඇති අතර ඉන් 439 දෙනෙකු ම 60 වැඩි පුද්ගලයන් වීම ද විශේෂත්වයකි. එලෙස මියගිය අය අතර 132 දෙනෙකු අවුරුදු 60ට අඩු 30ට වැඩි අය වන අතර අවුරුදු 30ට අඩු පුද්ගලයන් 5 දෙනෙකුගේ මරණ ද ඒ අතර වේ. මෙම සියලු මරණ 576න් 299 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර 277ක් කාන්තාවන් වේ.

එසේ ම, ඉකුත් 6 වන දා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොරෝනා මරණ 98න් 78 දෙනෙකු ම අවුරුදු 60 වැඩි අය බව ද කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවධාරණය කරයි.

ඒ මරණ අතර අවුරුදු 30ට අඩු කිසිදු මරණයක් වාර්තා වී නොමැති බව ද එම මධ්‍යස්ථානය පවසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka