අම්මා කොරෝනාවෙන් මළ පුවත ඇසූ පුතා අඩි 60ක ළිඳට පැනලා!
බියගම, හෙයියන්තුඩුව නැගෙනහිර ප‍්‍රදේශයේ නිවසක කොරෝනා ආසාදිතව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අසූ හැවිරිදි මවක් මිය ගිය බව දැනගත් ඇගේ විශේෂ අවශ්‍යතා සහිත තත්වයේ පසුවන පුත‍්‍රයා නිවසේ ගෙවත්තේ ඇති අඩි 60ක් ගැඹුරු ලිඳකට පැන ඇති බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.
ජලය පිරී තිබූ අඩි 60ක් ගැඹුරු ළිදට පැන තිබූ හතලිස් තුන් හැවිරිදි පුද්ගලයා නිවැසියන් හා සපුගස්කන්ද පොලීසියේ ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මහත් පරිශ‍්‍රමයක් දරා ගොඩගෙන තිබේ.
හාස්කමකට මෙන් ඔහුට කිසිදු තුවාලයක් හෝ සිදුවී නොමැති බව ප‍්‍රජා පොලිස් පරීක්ෂක නිමල් ශාන්ත මහතා පැවසුවේය.
අම්මා කොරෝනාවෙන් මළ පුවත ඇසූ පුතා අඩි 60ක ළිඳට පැනලා!
2021-08-09T09:09:00+05:30
Gossip Lanka Hot News






