gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රට වසන ලිපිය හදපු කට්ටිය රෑ කෑමකටත් සෙට් වෙලා - පිරිත් පැනුත් හොයලා!

ජනපතිවරයාගේ දැඩි දෝෂාරෝපණයට ලක්වූ ආණ්ඩු පක්ෂයේම පිරිසක් විසින් සකසන ලද "රට වැසීමේ" ලිපිය පිටුපස තවත් වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වී තිබෙනවා.

ඒ ලිපිය කෙටුම් පත් කළ පුද්ගලයා සහ එම ලිපිය සකස් කිරීමේ වගකීම පැවරුණු පුද්ගලයන් ගැන.

මෙම ලිපිය සැකසීම සඳහා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හවුල්කාර පක්ෂ 10ක නියෝජිතයන් උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ නිවසේ රැස් වී තිබුණු බව ප්‍රකට කරුණක්.

ලිපියේ වගකීම පැවරීම

එහිදී මෙම ලිපිය සෑදීමේ වගකීම පවරා තිබෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ වෛද්‍ය ජී වීරසිංහ යන මහත්වරුන්ටයි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම ලිපිය කෙටුම්පත් කිරීමේ වගකීම පවරා තිබෙන්නේ ගම්මන්පිල අමාත්‍යවරයාටයි.

එමෙන්ම ලිපිය ජනපතිවරයාට භාරදීමට පෙර මාධ්‍යයට නිකුත් කිරීම පිළිබඳවද එහිදී සාමූහික තීන්දුවක් ගෙන තිබෙන බවත් වාර්තා වෙනවා.

රාත්‍රී භෝජන සංග්‍රහය

"රට වසන" ලිපිය කෙටුම්පත් කොට එය සැකසීමෙන් පසු ගම්මන්පිල අමාත්‍යවරයා පැමිණි සිටි පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයකුත් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

භෝජන සංග්‍රහයට පෙර විමල් වීරවංශ අමාත්‍යවරයා ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් පිරිත් පැන් කෝ යැයි විමසා ඇති අතර තමන්ගෙ ගෙදර එවැනි දේවල් නැති බව එහිදී ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කර ඇති බවයි ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

-Asian Mirror 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka