gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිනි වංචාවට සම්බන්ධ වු අයට ජනතාව හෙණ ඉල්ලනවා – චන්දිම වීරක්කොඩි

මේ රටේ ජනතාව සිනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට හෙණ ඉල්ලනවා යැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි හිටපු අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා කියයි.

ගාල්ලේ දි 29දා පැවති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සදහන් කළේය. චන්දිම විරක්කොඩි මහතා මෙසේද කිවේය.

සීනි වංචාවට සම්බන්ධ වු පුද්ගලයින්ට මිනිස්සු හෙණ ඉල්ලනවා. අපේ ගම්වල අහිංසක දුප්පත් මිනිසුන් ශක්තිය වර්ධනය කරගන්න බොන්නේ රෙඩ්බුල් නෙවෙයි. සීනි ටිකක් වැඩි තේ කොප්පයක්. අපේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ග්ලුකෝස් කනවා වගේ, අපේ රටේ අහිසංක කම්කරුවා සිය ශක්තිය වර්ධනය කරගන්නේ  සිනි ටිකක් වැඩිපුර දාපු තේ කොප්පයක් බිලා. ඒ කම්කරුවගේ  තේ කොප්පයට බලපාන  රුපියල් 65ට තිබුණ සීනි රුපියල් 215, 220 තුන් ගුණයකට වඩා  වැඩි මිලකට  විකුණන එක ගැන කිසිම සමාවක් ලබා දිය යුතු නැහැ.

ජනාධිපති ලේකම්වරයා විසින්  මේ රටේ විදේශිය කොටස් සහිත  සමාගම් ලියපදිංචි කිරිම නතර කරන්න කියලා  සමාගම් ලියාපදිංචි කොමසාරිස් කාර්යාලයට නිතියට පටහැනිව ලිපියක් යවලා  නවත්වනවා. ඇයි බැරි  මේ අසාධාරණ විදියේ සීනි විකිණිමට පියවර ගන්න. ඒ ජනාධිපති ලේකම්වරයාගේ පෑන ක්‍රියාත්මක කරන්න. ඒ නිසා මේ සාහසික   අපරාධය නතර කරන ලෙස  අපි ජනතාව වෙනුවෙන් ඉල්ලනවා.  අද පරිප්පු කිලෝ එක  රුපියල් 250යි. පාරට  ගියවිට රුපියල් 2000 නොලැබුණු  අහිංසක මිනිසුන් අපිව වටකරගන්නවා. අසාධාරණ විදියට  සල්ල උපයන්න එපා කියා  සිනි, පරිප්පු, හාල් මිල ඉහළ යවලා ලාභ ලබන උදවියගෙන් ඉල්ලා සිටිනවා  යැයිද චන්දිම විරක්කොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka