රට වහන්න රජයේ අදහසක් නෑ...! හමුදාපතිගෙන් සවස නිල ප්‍රකාශයක්...!
රට සම්පූර්ණයෙන් වසා දැමීමට රජයේ සූදානමක් නැති බවත් ඒ පිළිබඳව යුද හමුදාපතිවරයා සවස නිල ප්‍රකාශයක් කරනු ඇති බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන පිළිබඳ රාජ්‍ය ඇමති චන්න ජයසුමන පැවසුවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද ( 13) කොවිඩ් 19 වැලැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය සහ ජනාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සහ අමාත්‍යවරුන් පිරිසක් අතර පැවති රැස්වීම නිමා වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
ඔහු වැඩිදුරත් කීවේ වත්මන් තත්වය පාලනය කිරීම සඳහා විවිධ යෝජනා අදහස් පැමිණිය නමුත් රට සම්පූර්ණයෙන් වසා දමන්නේ නැති බවත් සංචරණ සීමා දැඩි කිරීමට කටයුතු කරන බවත්ය.
මේ පිළිබඳව අද සවස යුද හමුදාපතිවරයා නිල ප්‍රකාශයක් කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
-කීර්ති ප්‍රනාන්දු
රට වහන්න රජයේ අදහසක් නෑ...! හමුදාපතිගෙන් සවස නිල ප්‍රකාශයක්...!
2021-08-13T15:15:00+05:30
Gossip Lanka Hot News






