gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන්න - කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් රජයෙන් ඉල්ලති

ත‍්‍රස්තවාදය වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් භාරයේ තබාගෙන සිටින, නීතීඥ හිජාස් හිස්බුල්ලා වහාම නිදහස් කරන්නැයි රජයට බලකරන ලෙස ඉල්ලමින් කිතුණු පියතුමන්ලා ඇතුළු 75 දෙනෙක් පෙත්සමක් අත්සන් කර තිබේ.

එම පෙත්සම ඔවුන් ශී‍්‍ර ලංකා මානවහිමිකම් කොමිසම් සභාවේ සාමාජිකයන් වෙත සහ ජාත්‍යන්තර ප‍්‍රජාව වෙත ලබා දී තිබේ.

අගෝස්තු 26 වන දා වන විට, නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන දින පන්සියයකි.

පෙත්සම සදහා අත්සන් තබා ඇති පිරිස ඉල්ලා සිටින්නේ, නීතීඥ හිජාස් හිස්බුල්ලා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසයි.

හිජාස් හිස්බුල්ලා පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී නැත.

ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙන්නේ පාසල් දරුවෙකු විසින් ලබා දුන් ප‍්‍රකාශයක් මත වන අතර, එම පාසල් දරුවා සදහන් කරන හිස්බුල්ලා, නීතීඥ හිජාස් හිස්බුල්ලා නොව, නැගෙනහිර පලාතේ ජීවත් වන ඒ නමින් ම යුත් වෙනත් හිස්බුල්ලා කෙනෙකු බව පෙත්සම්කරුවෝ පවසති.

පෙත්සමට අත්සන් තැබූ ක්‍රිස්තියානි හා කතෝලික පූජකවරුන් අතර ඇංග්ලිකන් රදගුරු රදගුරු දුලිප් ද චිකේරා, ජාතික ක්‍රිස්තියානි කවුන්සිලයේ හිටපු මහලේකම්, ආචාර්ය ජයසිරි ටී පීරිස්, පූජ්‍ය එම්.සතිවේල්, පූජ්‍ය ඇන්ඩ දේවදසන්, පූජ්‍ය මාක් බිලිමෝරියා, නන්දන මනතුංග පියතුමා, ඔස්වල්ඩ් බී ෆර්ත් පියතුමා, ටෙරන්ස් ප්‍රනාන්දු සහ පූජ්‍ය මැක්ස්වෙල් ඩොස් අය සිටිති.

ඬේලිමිරර් වෙබ් අඩවිය ඇසුරෙනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka