ජාවාරම් කරුවන්ගේ වී ගබඩා 30ක් මුද්‍රා තබයි.. කිලෝ ලක්ෂ 150ක් රජය භාරයට!
ලියාපදිංචි නොවී ගොවීන්ගෙන් වී මිලටගෙන තොග පිටින් රැස්කරගෙන සිටි වී ජවාරම්කරුවන් විසින් ගබඩා කරගෙන තිබූ වී කිලෝ ලක්ෂ 150කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය භාරයට ගත් බව එම අධිකාරිය පවසයි. වී තොග සඟවාගෙන සිටින ජාවාරම්කරුවන් සොයා කරන ලද මෙහෙයුමේ දී මෙම වී තොග සොයාගෙන තිබේ.
දින තුනක් තුළ පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර, මඩකලපුව, වැනි ප්‍රදේශ තුළ මෙම වැටලීම සිදු කළ බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.
මෙසේ අනවසරයෙන් වී තොග ගබඩා කර තිබූ ගබඩා 30කට පමණ පාරිභෝගික සේවා අධිකාරිය මගින් මුද්‍රා තැබූ බව ද එම අධිකාරිය පවසයි.
-කීර්ති ප්‍රනාන්දු
ජාවාරම් කරුවන්ගේ වී ගබඩා 30ක් මුද්‍රා තබයි.. කිලෝ ලක්ෂ 150ක් රජය භාරයට!
2021-08-28T10:29:00+05:30
Gossip Lanka Hot News






