ගම්පහ-රාගම- පානදුර මහ රෝහල්වල හා නාගොඩ රෝහලේ මෘතශරිරාගාර (මෝචරිය) මේවනවිට කෝවිඩ් 19 ආසාදනයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු ගොඩගසා ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි. පානදුර රෝහල් මොචරියේ එකවර මළසිරුරු 12ක් පමණක් තැන්පත් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් වුවද මේවනවිට මළසිරුරු 37 ක් ගොඩගසා ඇතැයි ද ඉහත ආරංචිමාර්ග කියා සිටියි.
එමෙන්ම ආදාහනාගාරවල ඉඩකඩ මදිවීමෙන් මෙසේ මළසිරුරු දින ගණන් රෝහල් මෘතශරීරාගාර තුළ තැන්පත්ව පවතින බවද දැනගන්නට ඇත.
මළසිරුරක් ආදාහනය කිරීමට පැය එකහමාරක පමණ කාලයක් ගතවන බවත්, ඉන්පසු ආදාහනාගාරය සිසිල් වීමට තවත් පැයක පමණ කාලයක් පැවතිය යුතුවීම මෙම තදබදයට හේතුවී ඇති බවක්ද දැනගන්නට ඇත.
