දින තුනක් හුදකලාව සිටි කාන්තාව, කොවිඩ් මාරයා සමඟ අවසන් ගමනට ගිය හැටි - (Photos)
පානදුරේ වෑකඩ බැන්ඩිය පන්සල අසල නිවස තුළ මියගොස් සිටි 85 හැවිරිදි කාන්තාවක් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම කාන්තාව විශ්‍රාමලත් ගුරු යුවලක් සිටින නිවසක ඔවුන් සමග වසර හැත්තෑවකට අධික කාලයක් පදිංචිව සිටි බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මියගොස් සිටින කාන්තාව දින තුනකට ආසන්න කාලයක් මෙම නිවසේ හුදෙකලාව සිටි බවයි.
ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ කාන්තාවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි.
අසූ පස් හැවිරිදි මෙම කාන්තාවගේ දේහය මේ වනවිට පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
එය නිරෝධායන නීතිරීති අනුව ආදාහනය කිරීමට නියමිතයි.
දින තුනක් හුදකලාව සිටි කාන්තාව, කොවිඩ් මාරයා සමඟ අවසන් ගමනට ගිය හැටි - (Photos)
2021-08-06T21:56:00+05:30
Gossip Lanka Hot News











