ඩොලර් අර්බුදය තාවකාලිකයි, සති කිහිපයකින් විසඳන්න පුලුවන් - මුදල් ඇමති
ලංකාව මුහුණ දී සිටින විදේශ සංචිත අර්බුදය තාවකාලික එකක් බවත් ඉදිරි සති කිහිපය තුළ විදේශ සංචිත නැවත ශක්තිමත් වන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ උත්සවයකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙරට රෝහල්වල සුලභව භාවිතා කරන තයිරොක්සීන් සහ ට්‍රැමඩෝල් ඖෂධ පළමුවරට මෙරට තුළ නිෂ්පාදනය ආරම්භ කළ අතර එම නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි. රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා විසින් පළමු නිෂ්පාදන තොගය එහිදී මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.
ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ එක් එක් අංශයට යමින් මුදල් අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය වන ආකාරය පිළිබඳව නිරීක්ෂණය කළේය.
ඩොලර් අර්බුදය තාවකාලිකයි, සති කිහිපයකින් විසඳන්න පුලුවන් - මුදල් ඇමති
2021-08-06T21:34:00+05:30
Gossip Lanka Hot News






