gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්, උදය හා වාසු සූම් කැබිනට් මීටිම කට් කළ එක ගැන පරීක්ෂණයක්

පසුගිය අගහරුවාදා පැවැති කැබිනට් රැස්වීම අතරතුරදී අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් හදිසියේම ඉවත් වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළ ප්‍රධානීන් විශේෂ වාර්තාවක් කැදවීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කොරෝනා තත්ත්වය හේතුකොටගෙන පසුගිය අගහරුවාදා කැබිනට් රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වී ඇති අතර පස්වරු 5.30ට ආරම්භ වී ඇති රැස්වීම රාත්‍රී 10.30 දක්වා ඇදී ගොස් ඇති බව දැනගන්නට ඇත.

මෙහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වී ඇති රට වසා දමන ලෙසට වූ යෝජනාව පිළිබදව ජනාධිපතිවරයා දීර්ඝව අදහස් පළ කිරීමක් කොට ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් රාත්‍රී 9ට පමණ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් හදිසියේම කිසිදු‌ හේතුවක් නොදක්වා සූම් කැබ්නට් සාකච්ජාවෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.

පසුව දැනගන්නට ලැබී ඇත්තේ උදය ගම්මන්පිල මහතාගේ නිවසේ රාත්‍රී 7ට ආණ්ඩුවේ පක්ෂ 10ක කණ්ඩායමේ රැස්වීමක් සංවිධාන කොට තිබී ඇති බවත්, ඊට සහභාගී වීම සදහා ඇමැතිවරුන් තිදෙනා රාත්‍රී 9ට පමණ සූම් කැබිනට් සාකච්ජාවෙන් ඉවත්ව ගොස් ඇති බවත්ය.

රට සති 3කට වසා දමන ලෙසට ආණ්ඩුවේ පක්ෂ 10ක නියෝජිතයන් නිවේදනයක් නිකුත් කළේ මෙම රැස්වීමේදී ගෙන ඇති තීන්දුවකට අනුව බවද පැවසේ.

කෙසේවෙතත් කැබිනට් රැස්වීමේදී මෙම අමාත්‍යවරුන් තිදෙනා රට වසා දැමීම් පිළිබදව වචනයක් හෝ නොකියා පසුව එදිනම රාත්‍රියේ ආණ්ඩුවේම ඇමැතිවරයකුගේ නිවසේදී රැස්ව රට වසා දමන ලෙසට ලිපියකට අස්සන් තැබීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් මේ වනවිට දැඩි කෝපයට පත්ව සිටින බවක්ද දැනගන්නට ඇත.

එම රැස්වීම සම්බන්ධයෙන් සොයා බලා වහාම වාර්තාවක් සපයන ලෙසට ආණ්ඩුවේ ප්‍රධානීන් වගකිවයුතු අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවක්ද වාර්තා වේ.

(මව්රට)

සබැඳි පුවත්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka