gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විමල්, උදය හා වාසුට ජනපතිගෙන් බැණුම්; අගමැතිගෙන් කෑම වේලක්

කොවිඩ් වසංගත තත්ත්වය ගැන මෙවර අමාත්‍ය මණ්ඩලය විසින් සිදු කළ දීර්ඝ සාකච්ඡාවේදී නිහඬව සිට පසුව රට වසා දමන ලෙස කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකු හවුල්කාර පක්ෂ සමඟ එක්ව ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කිරීම මගින් අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම උල්ලංඝනය කර තිබෙන බව ජනාධිපතිවරයා අදාළ අමාත්‍යවරුන් දුරකතනයෙන් අමතා පෙන්වා දී තිබේ.

මෙම ලිපියට අත්සන් තබා තිබූ කැබිනට් අමාත්‍යවරුන් වන්නේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර හා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාය.

මෙම චෝදනාව බරපතළ බවද ඔවුන් කැබිනට් මණ්ඩලයේ සිටිමින් එවැන්නක් කිසිසේත්ම නොකළ යුතු යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා ඇත.

මෙහිදී එක් අමාත්‍යවරයකු එම නිවේදනයෙන් කිසියම් වරදක් සිදුවන්නට ඇති බව ජනාධිපතිවරයා හමුවේ පිළිගෙන ඇතැයිද සඳහන්ය.

කෙසේ හෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල හා විමල් වීරවංශ යන මහත්වරැන් සමඟ සුහද ලෙස සාකච්ඡා කිරීමට ඔවුනට සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද පවත්වා තිබේ.

එම භෝජන සංග්‍රහයට අදාළ අමාත්‍යවරුන්ට අමතරව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාද සහභාගිවී තිබේ.

සිකුරාදා රාත්‍රියේ පැය 4කට ආසන්න කාලයක් තිස්සේ අරලියගහ මැඳුරේ පැවති මෙම භෝජන සංග්‍රහයේදී පැවති ප්‍රශ්න සුහද ලෙස නිරාකරණය වූ බවද පැවසේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka