gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

කට්ටිය තනි තනියෙන් රජ වෙන්න ගියා අන්තිමේදී අද අපි තනි වෙලා – රවී එජාප කෘත්‍යාධිකාරියේදී කියයි

බොහෝ කලකට පසු රවී කරුණානායක මහතා, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමට සහභාගි වී දැඩි විවේචනයක් එල්ල කර තිබෙන බවය සිරිකොත ආරංචි මාර්ග පෙන්වා දෙනවා. මහ බැංකු හොරකම ගැන තමාට, රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන් ඇලෝසියස්ට චෝදනා කරන පුද්ගලයන් එවකට විෂයභාර ඇමතිව සිටි කබීර් හෂීම් මහතා ගැන කිසිවක් කතා කරන්නේ නැති බව එහිදී කරුණානායක මහතා ප්‍රකාශ කොට තිබෙන්නේ.

'යහපාලන ආණ්ඩුව කරපු වැඩ ගැන ප්‍රචාරය කළේ නැහැ, තනි තනියෙන් ප්‍රචාරක ව්‍යාපෘති කළා, අපි කරපු වැඩ ගැන දැන් තමයි කතා කරන්නේ. අද මම තනිවෙලා, ඔබ තනිවෙලා, ඒත් අදත් අපිට ප්‍රචාරක ව්‍යාපෘතියක් නැහැ' යනුවෙන් එජාප ක්‍රියාකාරීත්වය විවේචනය කරමින් රවී කරුණානායක මහතා පවසා තිබෙනවා.

හිටපු මුදල් අමාත්‍යවරයෙකුද වන රවී කරුණානායක මහතා, වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගැනද එහිදී පවසා තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා එම ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් එජාපය කිසිදු විවේචනයක් එල්ල කර නොමැති බව පෙන්වා දී ඇති කරුණානායක මහතා, ජනතාවට අද ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව තිබෙන බවත්, ඒ පිළිබඳව පක්ෂයේ කිසිදු අවධානයක් යොමුව නොමැති බවත් පවසා තිබෙනවා. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ පක්ෂය යළි ජනතාව වෙත සමීප කිරීම සඳහා ජනතා ප්‍රශ්න වෙනුවෙන් එකමුතුව හඬ නැගිය යුතු බවයි ඔහු කෘත්‍යාධිකාරී මණ්ඩලය අමතා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

කරුණානායක මහතාගේ මෙම දැඩි විවේචනයට පක්ෂ නායක වික්‍රමසිංහ මහතා විරෝධයක් දක්වා නැති බවද වාර්තා වේ. රවී කරුණානායක මහතාගේ විවේචන හමුවේ ඔහු සිය සුපුරුදු නිහඬතාවය අනුගමනය සිටි බවයි වාර්තා වන්නේ.

මෙම හදිසි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම කැඳවා තිබුණේ එළඹෙන සැප්තැම්බර් 6 වැනි දිනට යෙදී ඇති පක්ෂයේ 75 වැනි සංවත්සරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka