gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්ලය ඇරඹේ… බැතිමතුන් මහ පාරේ වාඩිගෙන විරෝධතාවක..

යාපනය නල්ලූර් කන්දසාමී කෝවිලේ වාර්ෂික මංගල්ලය ඊයේ (14) සිට දැඩි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් පළමු දේව මෙයෙ පවත්වනු ලැබූ බවට කෝවිල් භාරකාර මණ්ඩලය පැවසීය. මේ අතර ඊයේ දින ආරම්භක දේව මෙහෙයට සහභාගී වීම සඳහා පැමිණි බැතිමතුන් රැසකට කෝවිල් භූමියට ඇතුල්වීම සඳහා පොලීසිය සහ සෞඛ්‍ය නිලධාරීන් අවසර ලබා නොදීම හේතුවෙන් එම බැතිමත්න් නල්ලූර් කෝවිලට පිවිසෙන මාර්ගයේ හිඳගනිමින් පොලීසියට හා සෞඛ්‍ය නිලධාරීන්ට එරෙහිව විරෝධය පල කොට සිටියහ.

එහිදී සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටියේ සෑම දිනකම පැවත්වෙන දේව මෙහෙයන් සඳහා සහභාගී වීය හැකි උපරමි බැතිමතුන් පිරිස 100 ට අඩුවිය යුතු හෙයින් සියයට වැඩි වූ අදාල පිරිස් වෙතට කෝවිල් භූමියට ඇතුල් වීමට අවසර ලබා නොදුන් බවටය.

කෙසේ වෙතත් කෝවිල් භූමියට ඇතුල්වන බැතිමතුන් කොවීඩ් එන්නත් ලබා තිබීම ඇතුලු සෞඛ්‍ය ආරක්ෂිත පියවර රැසක අනුගමනය කොට සහභාගී කරවීමට නල්ලූර් කෝවිලේ භාරකාර මණ්ඩලය පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ



gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka