gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊනිවුස් - කීර්ති නුවර ගෙනියන්න යයි; සාලිය IGP ගෙන් ආරක්ෂාව පතයි !

කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන සිටින ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ලිපි සැපයූ බව කියන කීර්ති රත්නායක නැමැත්තාව පොලිසිය විසින් මහනුවරට රැගෙනයාමට උත්සාහ කරන බවත්, ඒ අතරතුර ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි බවටත්, දන්වමින් නීතීඥ සංගමයේ සභාපති ජ්‍යෙෂඨ නීතීඥ සාලිය පීරිස් මහතා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියකින් දැනුම්දී තිබේ.

සාලිය මහතා අදාළ ඉල්ලීම කර ඇත්තේ නීතීඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් සිය සේවාදායකයාව පොලිසිය විසින් කොළඹ සිට මහනුවරට රැගෙනයාමේදී ඔහුගේ ජීවිතයට අනතුරක් විය හැකි බවට කරන ලද ලිඛිත දැනුම්දීමකට අනුවය.

මේ අතර, සාලිය පීරිස් මහතා මානව හිමිකම් කොමිසම වෙතද කීර්ති මහතාගේ ජීවිත අවදානම සම්බන්ධයෙන් දැනුවත් කර ලිපියක් යොමුකර ඇතැයි වාර්තා වේ. 

මේ අතර, ලංකා ඊ නිවුස් වාර්තා කර ඇත්තේ අද (15) ඉන්දීය නිදහස් දිනය දා කොළඹ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි පුරෝකථනයක් කරමින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්නැයි කොළඹ ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දුන් අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය යැයි කියා ඊයේ (14) උදෑසන 10 ට කොල්ලුපිටිය පොලිසියට පැමිණ පොලිස් පරීක්ෂක මිද්දෙණිය නමැති නිලධාරියෙකු හමුවන්නැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා දුරකථනය මගින් කීර්ති රත්නායකට දැනුම් දී තිබූ බවයි.

ලංකා ඊ නිව්ස් ලන්ඩන් කාර්යාලය සමග අවසන් වරට ඊයේ (15) උදෑසන 9.00 ට පමණ අදහස් දැක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදී කීර්ති රත්නායක, ඔහු දැන් කොල්ලුපිටිය පොලිසිය බලා ගමන් කිරීමට සූදානම් වන බවත් ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරිනියක් ද පොලිසිය වෙත පැමිණෙන බවත්, තමන්ට දැනුම් දුන් බවත් පවසා තිබේ.
 
ඒ අතරතුර දී සීසීඩීය විසින් ඔහුව  අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව එහි දැක්වේ.

කීර්ති - ගුවන් හමුදා බුද්ධි අංශයේ හිටපු සාමාජිකයෙක්

එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.
 
"ඔහු තමන්ට ලැබුණු ආරක්ෂක තොරතුර මාධ්‍යයේ ප්‍රසිද්ධ කර නොමැත. ඔහු විසින් සිදුකර ඇත්තේ, වඩා සැලකිලිමත් වීම සඳහා එම අනතුර පිළිබඳව අදාල අංශය වන ඉන්දීය තානාපති කාර්යාලය වෙත දැනුම් දීමයි.
 
කීර්ති රත්නායක යනු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු බුද්ධි අංශ නිලධාරියෙකි. දැන් ඔහු හමුදා සේවයෙන් ඉවත්ව සිටින අතර කලාපීය ආරක්ෂක සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් විශ්ලේෂනයේ යෙදේ. ඒ සම්බන්ධ ලිපි රාශියක් ඔහු 'ලංකා ඊ නිව්ස්' වෙත ලියා ප්‍රසිද්ධ  කර ඇත."
 
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ, කොළඹ පිහිටි ජාත්‍යන්තර සබඳතාවලට අදාළ විදේශ ආයතනයකට ප්‍රහාරයක් එල්ල වන බවට ලැබුණු යම් තොරතුරක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
එම තොරතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අදාළ ආයතනයේ නිලධාරියෙක ඊයේ (13) දහවල් කොල්ලුපිටිය පොලිස්ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
 
පැමිණිල්ලට අදාළව කොල්ලුපිටිය පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර පසුව එම විමර්ශනය කොළඹ අපරාධ කොට්ඨාසය භාර ගෙන තිබේ.
 
පසුව එම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු මත මහනුවර ප්‍රදේශයේ ස්ථීර පදිංචිය සහිත පනාගොඩ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසීය.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙකුව සිට පසුව ගුවන් හමුදා සේවයෙන් නෙරපා ඇති පුද්ගලයෙකු බවයි.

-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka