රට වහන්න සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර නෑ.. නිර්දේශ කලොත් රට වහන්න රජය සූදානම්.. - ඇමති චන්න ජනතාවට කියයි…
රට වසා දැමීම සඳහා සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ ලබා දෙන්නේ නම් එය සිදු කිරීමට රජය සූදානම් බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් රටේ වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් එවැන්නක් දැනුම් දී නැති බවද ඔහු පවසයි.
රජය සියලූ තීන්දු තීරණ ගන්නේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත බවත් ඔවුන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය සැමවිටම බැඳී සිටින බව ඔහු කියා සිටියි.
නමුත් දේශපාලන පක්ෂ වල බළල් අත් වී සිටින විසින් ඇතැමුන්ට කුමන අයුරකින් හෝ ආණ්ඩුව පෙරළීමට අද උවමනා වී ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඒ පහත් උත්සාහයට කිසිවිටෙක ඉඩ නොතබන බවද පැවසීය.
සෞඛ්‍ය අංශ වලින් රට වසා දමන්නැයි නිර්දේශ නිල ලෙස ලැබෙන්නේ නම් එය ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන නමුත් එදිනෙදා ආදායම් ලබමින් ජීවත්වෙන පුද්ගලයන් අමතක කිරීමටද රජයට කිසිසේත්ම නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරයා පවතින තත්ත්වය පිළිබඳව නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බවත් පැවසූ ඔහු කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ස්වයං සංචරන සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශීය මාධ්‍යවේදීන් අමතමිනි.
-lankacnews
රට වහන්න සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර නෑ.. නිර්දේශ කලොත් රට වහන්න රජය සූදානම්.. - ඇමති චන්න ජනතාවට කියයි…
2021-08-15T17:01:00+05:30
Gossip Lanka Hot News






