අපි සමාජ මාධ්‍යවල වැඩ පෙන්නන්නෙ නැති නිසා පැත්තක ඉන්න නරි බල්ටි ගහන්න අරන් - වික්‍රමාදර
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ නියෝජිතයින් සමාජ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුවේ වැඩ පිළිබඳ කතා කරන්නට නොයෑම නිසා මේ වනවිට පැත්තක සිටින නරි බල්ටි ගැසීමට පටන් ගෙන ඇති බව එම පක්ෂයේ තරුණ පෙරමුණේ නියෝජිත, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා පවසයි.
"අපි තේරුම් ගන්නට ඕනෙ කාරණාව තියෙනවා පහුගිය අවුරුදු හයක හතක කාලසීමාව තුළදී මේ රට විනාශ කරන්නට විවිධ එන්ජීඕ හරහා විවිධ අන්තවාදී දේශපාලනික බලවේග හරහා කරන්න හදපු දේම මෙන්න දැන් නැවත වතාවක් ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා. මේකෙ එක වැරැද්දක් පොදුජන පෙරමුණ හා සම්බන්ධ තරුණ අපිත් බාරගත යුතුයි. අපි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අපි කරන වැඩ ටික එළියට කතාකරන්න ගිහිල්ලා නැහැ. එහි ප්‍රතිඵලයක් දෝ කියලාත් හිතෙනවා අද මේ පැත්තක ඉන්න නරි බල්ටි ගහන්න අරන් තියෙන කාලෙ කියලායි අපි කියන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
බුද්ධික වික්‍රමාදර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයෙහි පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අපි සමාජ මාධ්‍යවල වැඩ පෙන්නන්නෙ නැති නිසා පැත්තක ඉන්න නරි බල්ටි ගහන්න අරන් - වික්‍රමාදර
2021-08-08T12:37:00+05:30
Gossip Lanka Hot News






