gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

රටම විශාලාවක් වෙලා.. කොරෝනා පාලනය අසමත්.. සියල්ලන් භයංකර තැනක.. රට කඩා වැටිම එලිපත්තේ - චම්පික රණවක

සමගි ජන බලවේග පාර්ලිමේනතු මන්ත‍්‍රී චම්පික රණවක මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

කොවිඩ් වසංගතයේ හතරවෙනි රැල්ල පාලනය කරන්න බැරි තත්වයකට පරිවර්තනය වෙලා විශාල පිරිසක් මිය යමින් තවත් විශාල පිරිසක් ආසාදිත වෙමින් මුළු රටම ඉතාමත්ම භයංකර තත්ත්වයකට ඇද වැටිලා තිබෙන්නේ.

දෙවැනි කාරණය ආර්ථික අර්බුදය දිනෙන් දින වර්ධනය වෙමින්  ඉතාමත්ම භයංකර ආර්ථික අගාධයකට රට ඇද වැටෙමින් තියෙනවා. නොයෙක් සීතාම්බර පට පළඳවමින් ඒ අර්බුදය වහන්න උත්සාහ කළාට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනාටම ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙමින් තියෙනවා. සම්පූර්ණයෙන්ම රට කඩා වැටීමේ අනතුරක් අප ඉදිරියේ තියෙනවා.

තුන්වැනි කාරණය තමයි සමාජ පිපිරීම් ඇතිවෙමින් රටේ විශාල සමාජ අර්බුදයක් මේ සමඟම ජනනය වෙමින් තියෙනවා. ආණ්ඩුවේ උත්සාහය වෙලා තියෙන්නේ පොලිස් රාජ්‍යයක්, බැරැක්කකරණය වෙච්ච රාජ්‍ය පාලනයක් හරහා, මර්ධනය මගින් මේවා යටපත් කරලා තමන්ගේ පාලනය ස්ථාපිත කිරීම තමයි ආණ්ඩුවේ ප්‍රතිචාරය වෙලා තියෙන්නේ.

මෙන්න මේ කරුණු තුන ගැන තමයි කතා කරන්න තියෙන්නේ. වසංගතය ගැන කිව්වොත් වසංගතය මුල පටන්ම 2020 ජනවාරි මාසේ පටන්ම වසංගතය විහිළුවක් කර ගත්තා මුලින්ම. ඊට පස්සේ වසංගතය ගැන පාරම්බාමින් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි අපිට. තාම රෝගීන් විසිඅට දෙනයි හම්බුවෙලා තියෙන්නේ. ඒ නිසා මේක බැරෑරුම් ප්‍රශ්නයක් නෙමෙයි. මේක අපිට විසඳන්න පුළුවන්. අපි මීට වඩා බැරෑරුම් ප්‍රශ්න විසඳලා තියෙනවා. තුන්දාහක් වර්ෂයකට මැරිච්ච යුද්ධයකට අපි මුහුණ දුන්නා. මේ වද ප්‍රශ්න කියනවා වගේ විදිහකට තමයි ජනාධිපතිවරයා කටයුතු කළේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රෝගය බෝ වෙලා තියෙනවා. මැරිච්ච සංඛ්‍යා ලේඛන පිළිබඳ කිසිම විශ්වාසයක් මේ රටේ නැහැ.

අනාගතයේ දවසක නිවැරදි සංඛ් යාලේඛන එළිදරව් කිරීමම ඊළඟ රජයක වගකීම වෙනවා. මොකද මේ සංඛ්‍යාලේඛන පිළිබඳ විශ්වාසය නැති බව වෛද්‍ය විශේෂඥයින් මේ ක්ෂේත්‍රයේ සියලු දෙනාම පාහේ මේ වෙනකොට ප්‍රකාශ කරලා ඉවරයි. මොකද රටේ අපේ ප්‍රයෝගික ඇත්ත රෝහල්වල ලෙඩ්ඩු ගොඩගැහිලා, මෘත ශරීරාගාරවල මළ කඳන් ගොඩ ගැහිලා ගෙවල් සියල්ලම විශාලාවන් බවට පත්වෙලා රෝගයක් හැදුනොත් කාටද කියන්නේ මොකද කරන්නේ කියන තැනට මුළු සමාජයම අද පත්වෙලා ඉවරයි. ඒ නිසා මේක ගැන ආයි ඔය ව්‍යාජ සංඛ්‍යා ලේඛන වල, ඒවා සංඛ්‍යාලේඛණ කුමන්ත්‍රණ යන ආදී වශයෙන් ප්‍රකාශ කරමින් මිනිස්සුන්ගේ හිස් ගෙඩි මාරු කරමින් යන්න පුළුවන්කමක් ලැබිලා නෑ. ඒ නිසා පළමුව මේ වසංගතය අවිද්‍යාත්මකව තමයි ආණ්ඩුවේ එළඹුම තිබුනේ. විද්‍යත්මක ක්‍රමවේදයකට මේක විසඳුවේ නෑ. ඒ නිසාම දෙදාස් විස්සේ නොවැම්බර් මාසේ ලබා දිය යුතු එන්නත මේ රටේ ජනතාවට ලබා දුන්නේ නෑ. එන්නත ලබාගත හැකිව තිබිච්ච මිල ගණන් වගේ දහ ගුණයකට එන්නත ලබාගන්න කටයුතු කළා.

ඒ වගේම විද්‍යත්මක නොවුන විතරක් නෙවෙයි. ඒ එක්කම ආවා ආණ්ඩුවේ ජාවාරම්කාර මනස. සෑම දෙයකින්ම ගසා කෑවා. ඇන්ටිජන් එකෙන් ගසා කෑවා. පී. සී. ආර්. පරීක්ෂණ වලින් ගසාකන්න උත්සාහ කළා. ඒ වගේම නිරෝධායනයෙන් ගසා කෑවා. ඒ වගේම එන්නතෙන් ගසා කෑවා. අදටත් මේ කිසිම අනුමැතියක් නැති එන්නතක් මේ රටේ කරන මුවාවෙන් පිටරටින් ගෙනල්ලා අර වයල් වලට දාන දාන්න යනවා. අවුරුදු පහකට ඒ එන්නත ගන්න යනවා. බරපතළ ජාවාරමක්. අපි බොහොම පැහැදිලිව කියනවා. ලෝකයේ රටවල් ගාණක විශේෂයෙන්ම තායිලන්තය, මැලේසියාව වැනි රටවල අසමත් වෙච්ච මේ සිනෝෆාම් එන්නත, මේ රටේ ප්‍රධාන වෛද්‍ය විශේෂඥයින් අනුමත කරන්න ප්‍රතික්ෂේප කරපු, මේ එන්නත ගේන්නේ ජාවාරම්කාර මනස නිසයි.

නිරෝධායනය කියන ක්‍රියාවලිය විහිළුවක් කරා. ඒ විතරක් නෙමෙයි, මෙච්චර අර්බුද මැද්දේ ඩෙල්ටා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදය බීටා ප්‍රභේදය ලන්ඩ ප්‍රභේදය යනාදී වශයෙන් විවිධ ප්‍රභේද ඇති වෙලා එන්නතටත් උඩින් යන වෙලාවෙ මොකද්ද අපේ ආණ්ඩුව කරන්නේ. රුසියාවෙන් සංචාරකයෝ ගෙන්නනවා, ඉන්දියාවෙන් සංචාරකයෝ ගෙන්නනවා, මේ මෑතදී රුසියාවේ හිටපු තානාපතිවරයා දැන් ඔහු පේරාදෙණිය විශ්වවිද් යාලයේ උපකුලපතිවරයා ඔහු රැගත් ගුවන් යානයේ ඉතාම ස්වල්ප මගීන් ප්‍රමාණයක් හිටියේ රුසියාවේ ඉදන් සංචාරකයෝ ගෙන්නන්න ගියේ දාහක් ගෙන්නනවා කියනවා මීට පෙර යුක් රේනයෙන් හත්සීයක් ගෙන්නුවා.

මොකක්ද මේකෙන් වෙන්නේ? මම කියනවා බොහොම පැහැදිලිව මේ පිළිබඳවයි අද මේ පිළිබඳවයි රහස් පොලිස් පරීක්ෂණ තියෙන්න ඕන. මේ රුසියානු ගුවන් යානාවක් මගින් තමයි චීනයේ නගරයට ඩෙල්ටා ප් රභේදය ගමන් කළේ. ඒ වගේම ඉන්දියාවේ ඉතාම භයානක විදිහට රෝගය ව් යාප්ත වෙලා තියෙන වෙලාවේ ඉන්දියාවෙන් පලා යන අයට මේ රට තුළ නවාතැන් දීලා, නිරෝධායනයට ඉඩ දීලා තමයි මේ රට මේ තුන්වෙනි රැල්ලට, හතරවෙනි රැල්ලට ආණ්ඩුව ගොනු කරේ. ඒ නිසා දෙදාස් විස්සේ නොවැම්බර් මාසේ එන්නත හොයාගත්තට පස්සේ එන්නත ලබා නොදීමෙන් නිරෝධායනය ජාවාරමක් කිරීමෙන් ඒ වගේම යුක් රේනය, රුසියාව, ඉන්දියාව වැනි රටවලින් සංචාරකයින් කිසිම ආකාරයක සුරක්ෂිතභාවයකින් තොරව ගෙන ඒමෙන් සිදු කරලා තියෙන්නේ මේ රටේ ඝාතන රැල්ල. ඒ වගේම මේ දෙකත් එක්ක යන්නේ දේශපාලනේ. කිසිම විදිහකට රට වහන්න ඕන්නෑ කියලා දෙදාස් විස්සේ මාර්තු මාසේ. දින කීපයකට පස්සේ ඇඳිරිනීතිය දැම්මා. මොකක්ද ඒ යටි අරමුණ? මහ මැතිවරණය අද මේ එන්නත් ලබා දීමේ යටි අරමුණ මොකක්ද? මේ මේ ධම්මික පැණිය හොඳයි, සුදර්ශනී චූර්ණය හොඳයි. කළගෙඩි සෙල්ලම හොඳයි කිය කිය රටේ ජනතාව මුලා කරපු අය ඇයි මේ දෙන්නේ? එන්නත් දෙන එක හොඳයි.

එන්නත ලබාදිය යුතුව තිබුණේ මීට මේ. මාස හත අටකට කලින්. නමුත් මොකක්ද මේකෙ තේරුම? මේ හදන්නේ ඉක්මනින් මැතිවරණයක් පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් තියලා බලය ස්ථාපිත කර ගැනීම සඳහා මේකෙන් පුළුවන්ද කියලා බලන්න තමයි මේ උත්සාහ කරන්නේ. එහෙම නැතුව මේ ජනතා සුඛිත මුදිත කිරීමේ වැඩපිළිවෙළක් නෑ. මොකද මරණ වළක්වනවනම් අවුරුදු හැටට වැඩි අයට එන්නට දිය යුතුව තිබුණා. ආර්ථිකය සුරක්ෂිත කරනවා නම් කම්කරුවෝ, ඒ වගේම වැඩකරන ජනතාවට එන්නත ලබා දීම තිබුණා. පාසල් දරුවන්ගේ අධ් යාපනය ගැන හිතනවා නම්, ගුරුවරුන්ට හා පාසල් දරුවන්ට ඒ කටයුත්ත කළ යුතුව තිබුණා.

ඒ කිසිම සැලසුමකින් තොරව මේ සිදු කරගෙන යන ක් රියාදාමය පැහැදිලියි. ඒ වගේම මේ ප් රභේදය ව් යාප්ත වන ශීඝ් රතාවය දිහා බැලුවාම එන්නත අද ඵල විරහිත ද කියන ප් රශ්නය අපේ හිත් වලට අද ඇවිල්ලා තියෙනවා. මොකද මේක පමා වුණා අපි. පමා වීමේ ප් රතිඵලය තමයි අද මළකඳන් ගොඩ ගැහෙන එක. රෝගීන් ගොඩ ගැහෙන එක මුළු රටම විශාලාවක් බවට පත්වීම. ඒ නිසා ආණ්ඩුවේ අවිද් යාත්මක මෝඩ ස්වභාවය ඒ වගේම අර ජාවාරම්කාර පන්තියේ මුදල් ඉපයීමේ උවමනාව හා දේශපාලන ඉලක්ක විසින් තමයි අද මේ කොවිඩ් අර්බුදය ඉතාම භයානක තත්වයකට ගෙනල්ලා තියෙන්නේ.

ඒ වගේම අද දැවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒක හංගන්න බෑ. ඒ ආර්ථික අර්බුදයේ වගකීම යහපාලන දාන්න බෑ. මොකද මේ කිසිම පිළිවෙලකට නැතුව, අධික පොලී ණය අරගෙන, ඒවායින් කිසිම ආදායමක් ඉපදවෙන්නේ නැති සංවර්ධන යෝජනා ක් රමවල යෙදෙව්වේ, රාජපක්ෂ පාලනය දෙදාස් පහේ ඉඳන් පහළවට. අපි ඒ රජයෙන් ඉවත් වෙලා ගියපු ප් රධාන කාරණය ඒක. ඒ වගේම අපි අමතක කළ යුතු නෑ මේ සීයට හතේ ආර්ථික වර්ධනය ලබා ගත්තේ ඒ අධික පොලී ණය එක්ක. ඒ වගේම දෙදාස් දහතුනේදී මේ ආර්ථික වර්ධනය සියයට තුනට වැටිච්ච විත්තිය අපි අමතක කළ යුතු නෑ. ඒ අනුව යහපාලන තිබිච්ච අභියෝගය තමයි ආර්ථිකය බංකොලොත් නොවී පවත්වාගෙන යාම. අද ආර්ථිකය ගෙනියන්න බැරි තත්වෙට ඇවිල්ලා තියෙනවා. මොකද දේශීය විදේශීය වෙළඳපොළ, මූල් ය වෙළෙඳපොළ ආණ්ඩුවට, ලංකාවට අද කිසිම ආකාරයක ආයෝජනයන්, එහෙම නැත්නම් ණය ලබාදීම් සිදුකරන්නේ නෑ.

මේ නිසා තමයි, එක්දාස් නමසිය අසූ අටේ මෙවැනි ප් රශ්නයක් මතු වුණා. දෙදාස් අටේදී මෙවැනි ප් රශ්නයක් මතුවුණා. හැබැයි ඒ අවස්ථා දෙකේදීම සංචිතවල වෙළඳපොළ අපට විවෘතව තිබිච්ච නිසා අපට ඒ අර්බුදය පියමං කරන්න පුළුවන් වුණා. මෙවර අපට වෙළඳපොළ විවෘත නැහැ. විදේශවලින් ණය ගන්නත් බැහැ. දේශීය වශයෙන් ණය ගන්නත් බැහැ. ඒ නිසා අපි ඉතාමත්ම බරපතළ ආර්ථික අර්බුදයකට සමාජ අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. දැනටමත් මේ වසර වසරක් පිරුණා ආණ්ඩුවට. වසර දෙකක් තව ටික දිනකින් නොවැම්බර් මාසෙදි ජනාධිපතිවරයාට පිරෙනවා. මතක තබාගත යුතුයි. මේ කාලය ඇතුළත රුපියල බාල්දු වෙලා තියෙනවා. සියයට පනහකට වඩා. එතකොට පඩි පත පඩිය ලබන මිනිසුන්ගේ පඩි පත ගුරුවරුන්ට පඩි දැම්මයි කියනවා ඒ පඩි පත සියයට පනහකින් හෑල්ලු වෙලා තියෙනවා.

ඒ විතරක් නෙමෙයි රැකියා අහිමි වෙලා තියෙනවා අතිවිශාල පිරිසකට එතකොට අලුත් දුගී පන්තියක් ඇති වෙලා තියෙනවා මේ නිසා දැවැන්ත සමාජ පිපිරීමක් සිදුවෙමින් තියෙනවා. සමහරු කියනවා මේ ගුරුවරු උද්ඝෝෂණය කරනකොට වැටුප් විෂමතාවයන් හිල් වෙනස් කරන්න කියලා. ඒ පිටිපස්සේ දේශපාලන පක්ෂ ඉන්නවා කියලා. මේ සා දැවැන්ත සමාජ අරගල විශේෂයෙන්ම මේ රටේ නිදහස් අධ් යාපනයෙන් මතුවෙච්ච සමාජ අරගලයක් අද පාරට ඇවිල්ලා තියෙනවා. දැන උගත් මිනිස්සුන්ගේ අරගලයක් මේ රටේ පාරට ඇවිල්ලා තියෙනවා. පාසල් ගුරුවරු, විශ්ව විද් යාල ගුරුවරු, විශ්ව විද් යාල ශිෂ් යයෝ මේ සියලු දෙනාම මේ මෝඩ පාදඩ දේශපාලනය අධ් යාපනය ගලවා ගැනීම සඳහා වෙච්ච දැවැන්ත අරගලයකට අද පියවර මැනලා තියෙනවා.

නමුත් දැන් මොකද කරන්න යන්නේ? මේක මර්ධනය කරන්න යන්නේ. තැනින් තැන ශිෂ් ය අත්අඩංගුවට ගන්නවා. ගුරුවරු අත්අඩංගුවට ගන්නවා. මේ විදිහට නිල ඇඳුමක් නැතුව ඇවිල්ලා පොලිසිය කටයුතු කරනවා. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් වෙන්නේ ආණ්ඩුවේ ප් රතිරූපය තවත් ජාතිකවත්, ජාත් යන්තරවත් බිඳවැටීමයි වෙන්නේ. ඒ වගේම, මේ දැවැන්ත බිහිසුණු, මේ වසංගතයේ වගකීම රුසියාවෙන්, ඉන්දියාවෙන්, කෝවිඩ් ආනයනය කරපු තමන්ගේ පාලකයින්ගේ ඥාතීන්, හිතවතුන් වෙනු, වගකීම පවරනවා වෙනුවට, ඒක මේ ගුරු පවරන්න උත්සාහ කරනවා. අපි ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ආණ්ඩුව කළ යුතු දේ මොකක්ද? ආණ්ඩුව කළ යුතු දේ තමයි තමන් වැටිලා ඉන්න ආර්ථික අර්බුදයේ තරම මතක තියාගත යුතුයි. අර මඩේ වැටිච්ච එකා දඟලන්න දඟලන්න තව තවත් මඩේ එරෙනවා වගේ. ආණ්ඩුවේ මේ මර්ධන ක් රියාවලිය විසින් වෙන්නේ තව තවත් තව තවත් ආණ්ඩුව මඩේ එරී වැටීම. ඒ වගේම මේ රටේ ප් රජාතන්ත් රවාදී නිදහස ඇකිලීමෙන් වෙන්නේ මොකක්ද? ප් රජාතන්ත් ර විරෝධීන්ට අවස්ථාව ලැබීම තමයි අපේ රටේ අත්දැකීම.

දැන් මේක සංසන්දනය කළොත් ජේ. ආර්. ජයවර්ධනත් එක්ක ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට විරුද්ධව දැවැන්ත ශිෂ් ය උද්ඝෝෂණයක් එක්දාස් නමසිය අසූ අටේ තිබුණා. ශිෂ් යයෝ නිදහස් කරන්න කියලා. උතුරු කොළඹ වෛද් ය විද් යාලය අහෝසි කරන්න කියලා. ජේ. ආර්. ජයවර්ධන කොහොමද ක් රියා කළේ? එතුමා සාකච්ඡාවක් පැවැත්වූවා. එවකට හිටපු විදේශ අමාත් ය හමීඩ් මහත්තයා, ඒ වගේම උසස් අධ් යාපන අමාත් යාංශයේ ස්ටැන්ලි කල්පගේ මහාචාර්යතුමා ඇතුළු අය ඉදිරියට ආවා. ඒ වගේම එතුමාම පෞද්ගලිකව ඒකට මැදිහත් වුණා. මැදිහත් වෙලා සියලුම ශිෂ් යයින් නිදහස් කළා. ඒ අවස් බුද්ධි අංශ පැහැදිලිව කිව්වා සමහර ශිෂ් ය නායකයෝ ජනතා විමුක්ති පෙරමුණේ ප් රබල සාමාජිකයෝ ජනතා විමුක්ති පෙරමුණ කැරැල්ලක් දියත් කරලා තිබුණා. නමුත් ජේ ආර් ජයවර්ධන ශිෂ්ටත්වයේ අත මේ ශිෂ් ය ව් යාපාරයට දමලා අපි එකඟතාවයකට එමු කියලා කටයුතු කළා. ඒ අනුව විශ්වවිද් යාල නැවත විවෘත කරන්න ශිෂ් යයෝ නිදහස් කරන්න පෞද්ගලික වෛද් ය විද් යාලය අහෝසි කරන්න ජයවර්ධන ජනාධිපතිතුමා එකඟ වුණා. හැබැයි මේ පාලකයෝ ඒ ජයවර්ධන තිබිච්ච බුද්ධිය මේ පාලකයින්ට එක දශමයක්වත් නෑ. ඒ නිසා මේ පාලකයෝ හදන්නේ නැවත වතාවක් මර්ධනයේ හස්තය මගින් තමන්ගේ කාලය පවත්වාගෙන යන්න උත්සාහ කිරීම.

මේවයින් වෙන්නේ මොකක්ද? ජාතික ජාත් යන්තර මානව හිතවාදී බලවේග, මානව හිමිකම් බලවේග තවත් අපේ ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම විතරයි. ඒ නිසා ලබන සැප්තැම්බරයේ ජිනීවා වලට ගිහිල්ලා නහයෙන් නම් අඬන්න එපා. ශිෂ් යයෝ මහමග සිවිල් ඇඳුමෙන් ඇවිල්ලා පැහැර ගන්න කොට, සුදු වෑන් යුගය නැවත ගෙනල්ලා මේ රටේ ජනතාවට කියන්න යන්න එපා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා ශිෂ්ටත්වයේ දෑත යොමු කරන්න. මේ ආණ්ඩුව කොච්චර අශිෂ්ට උනත් මේ මොහොතේ ඔවුන් කළ යුත්තේ ඇයි? ඒ වගේම මේ ආර්ථික අර්බුදයක් තියෙනවා කියලා පිළිඅරගෙන, ඒකට පිළියම් යොදන්න. අත්අඩංගුවට ගත්ත සියලුම ශිෂ් යයෝ, ගුරුවරු, බොරු චෝදනා දාන්නැතුව, පාරේ මිනී පෙට්ටියක් පිච්චුවහම ඒකෙන් එක්ලක්ෂ ගානක් පාඩු වුන අය, තාර වලට හානි වුණාය කියනවා වගේ ඒ වගේ චෝදනා ඉදිරිපත් කරන්නැතුව, මේ දරුවන් මේ ගුරුවරු නිදහස් කරන්න. කෝටි ගණන් රටට වංචා කරපු කෝටි ගණන් රටේ ජාතික ධනය උරා කාපු මිනිස්සුන්ව නිදොස් කොට නිදහස් කරන්න පුළුවන් නම් මේ දරුවෝ නිදහස් කරලා ශිෂ්ටත්වයේ දෑත දිගු කරන්න. ඒ මගින් සාකච්ඡාවක් ඇති කරගන්න මේ ගුරුවරු සහ මේ රට පුරාම ඇතිවෙලා තියෙන මේ නිදහස් අධ් යාපනය වෙනුවෙන් පෙනී හිටින බලවේගය.

ඒ වගේම අපි ආයාචනා කරනවා. මේ රටේ ගුරුවරුන්ට, ආණ්ඩුවට කිසිම ආකාරයකින් මේ වගකීමෙන් මිදෙන්න ඉඩ දෙන්න එපා. මේ කොවිඩ් වස වගකීම ආණ්ඩුව දැරිය යුතුයි. මේ ඝාතන වල වගකීම, මේ රෝගීභාවයේ වගකීම ආණ්ඩුව දැරිය යුතුයි. ඒකට ගුරු පොකුරක් ඇති කරනවා කියලා ගුරුවරුන්ට චෝදනා කරන්න ඉඩ දෙන්න එපා. ඒ නිසා අපි සියලු දෙනාම විශේෂඥයින්ගේ මතය. දැන් අපේ අපේ රටේ වෛද් ය විශේෂඥයෝ ගුරුවරුන්ගෙන් මේ රටේ හැමෝගෙන්ම ඉල්ලීමක් කරලා තියෙනවා මේක මර්ධනය කරන්න ඒගොල්ලන්ට සහය දෙන්න කියලා. ඒ නිසා ගුරුවරුන්ගේ සටනට අපි දෑත් දෙකම ඔසවලා සහය පළ කරන අතරේ ඒ නිදහස් අධ් යාපනය වෙනුවෙන් නැගී සිටින ඒ බලවේගයට ඒ දැන උගත් බලවේගයට පාදඩයින් කියලා චෝදනා කරපු ඒ බලවේගය වෙනුවෙන් අපි පෙනී හිටින අතරේ ඒ අයගෙන් අපි ඉල්ලා හිටිනවා මේ වෙලාවේ ආණ්ඩුවට නැති ශිෂ්ටත්වය, ඔබතුමන්ලා, ඔබතුමියන්ලා, ඔබ වහන්සේලා මේ රටට පාන්න. ආණ්ඩුවට ශිෂ්ටත්වයක් නෑ. අශිෂ්ට ජාවාරම්කාර පන්තියක් අද මේ රාජ් ය අල්ලගෙන ඉන්නේ. මේ රට බැරැක්කයක් කරන්න තමයි හදන්නේ. ඒ අරගලය අපි ඉදිරියට ගෙනියමු. හැබැයි මේ අවස්ථාවේ ආණ්ඩුවට චෝදනා කරන්න දෙන්න එපා.

ඒ නිසා මේ අරගලය වඩා විධිමත්ව ඉදිරි කාලයේ ගෙන යාම සඳහා ඔබලා උද්ඝෝෂණ වලින් මේ අවස්ථාවේදී ඉවත් වෙලා අපි මේ වෛද් ය විශේෂඥවරුන්ගේ මතයට හිස නමලා අපි ශිෂ්ඨ වෙලා අපි කටයුතු කරමු කියන ඉල්ලීමත් කරනවා. හැබැයි ඒක මට තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගුරු නායකයින් සාකච්ඡා කරලා කළ යුතු දෙයක්. ඒ වගේම ආණ්ඩුවේ වගකීම තමයි මේ ගුරු නායකයින් මර්දනය කරන්න පැත දරන් නැතුව ඔවුන්ට සහයෝගය දීලා ඔවුන්ට ශිෂ්ටත්වයේ දෑත පාලා මේ සියලුම නඩු ඉවත් කරලා නැවත සක කරන්න පුළුවන් විදිහේ වාතාවරණයක් ඇති කරන එක.

ඒ වගේම ආණ්ඩුව මතක තබා ගත යුතුයි සමාජය පුපුරා හැලෙමින් තියෙන්නේ. මේ ගුරුවරු කියන්නේ සීයට හැත්තෑවක්. මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු පිරිසක්. අද කිසිම දේශපාලන පක්ෂයට හයියකින් නෙමෙයි මේ ගුරුවරු පාරට ඇවිල්ලා තියෙන්නේ. සෙසු සමාජ බලවේගත් බලන් ඉන්නේ පාරට එන්න. මොකද මේ රටේ ජාවාරම්කාර පන්තිය විසින් සූරා කාපු මේ අහිංසක ජනතාව අද ඉන්නේ දැවැන්ත වේදනාවක. මුළු ලෝකය පුරාම උද්ඝෝෂණ. බ් රසීලයේ උද්ඝෝෂණ, එක්සත් ජනපදයේ උද්ඝෝෂණ, මේ උද්ඝෝෂණ. මේ රටේ විතරක් නෙමෙයි උද්ඝෝෂණ තියෙන්නේ. ඒ වගේම එළිමහනේ කරන උද්ඝෝෂණ වලින් රෝගය බෝ වෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. රුසියාවෙන්, ඒ වගේම යුක්රේනයේ, ඉන්දියාවේ, ඩෙල්ටා ප් රභේදය, ඇල්ෆා ප් රභේදය, බීට ප් රභේදය, ආනයනය කරපු ආණ්ඩුවකට කිසිසේත්ම මේ ගුරුවරුන්ට මේ චෝදනාව කරන්න බෑ. ඒ නිසා අපි ශිෂ්ට සම්පන්නව කටයුතු කරමු කියන එක රජයෙන්, විශේෂ වගකීම තියෙනවා. ඒ වගේම ගුරු මහත්ම මහත්මීන්ගෙන්, ඒ වගකීම ඉටු කරන්නෙයි කියලා ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka