gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගල්ගමුවේ තරුණයා ඝාතන දෙකක් සිදුකර සියදිවි නසා ගත්තා දැයි සැකයක්

ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක මියගොස් සිටි තරුණයා ඝාතන දෙකක් සිදුකර සියදිවි නසා ගෙන ඇතැයි පොලීසිය සැක පළ කරයි. සියදිවි නසාගත් පුද්ගලයාගේ ජංගම දුරකතනය තිබූ ස්ථානය අසළ පොතක කළ යම් සටහනක් පිළිබඳව ද පොලීසියේ අවධානය යොමුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සටහන අදාළ තරුණයා විසින් සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

ගල්ගමුව පොලීසියට අද (07) පෙරවරුවේ ලද තොරතුරක් මත නිවසක් තුළ සිදුකළ පරීක්ෂාවකදී මියගොස් සිටි 28 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 
වයස අවුරුදු 10ක් පමණ වූ පිරිමි දරුවා සහ තවත් 28 හැවිරිදි තරුණයෙකුගේ මළසිරුරු සොයාගැනුණි.

මූලික විමර්ශනවලදී අනාවර‍ණ වී ඇත්තේ, ඊයේ (06) රාත්‍රියේ ඇති වූ යම් ආරවුලක් දුරදිග යාමෙන් අදාළ 28 හැවිරිදි තරුණයා එම කාන්තාව සහ ඇගේ පුත්‍රයාට පහරදී ඝාතනය කර පසුව සියදිවි හානි කරගෙන ඇති බවය.

ආරවුල සිදුවන අවස්ථාවේ එහි සිටි පස් හැවිරිදි දරුවෙකු යාබද නිවසට ගොස් දිවි බේරාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ කාන්තාව සහ සියදිවි හානි කරගත් තරුණයා අතර අනියම් සබඳතාවයක් පැවති බවට පොලීසිය සැක පළ කරයි.

අදාළ තරුණයාද ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙකි.

මියගිය කාන්තාවගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන අතර සිද්ධිය සිදුවන අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද දහවල් සිදුකිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුරු කුරුණෑගල ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka