එන සති දෙකේ කොරෝනා මරණ වැඩිවෙනවා..- හමුදාපති
ඉදිරි සති දෙක තුළ මෙරට කොරෝනා ආසාදිතයා සහ මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවීමට ඉඩ ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. දැනට ඇති දත්ත විද්‍යානුකූලව විමර්ශනයේදී මේ තොරතුරු හෙළි වී ඇතැයිද ඒ මහතා පැවසීය.
මෙරට ආසාදිතයන් සහ මරණ වල වැඩි වීමක් දක්නට ඇති නිසා පවතින තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර වගකීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.
එන සති දෙකේ කොරෝනා මරණ වැඩිවෙනවා..- හමුදාපති
2021-08-08T07:09:00+05:30
Gossip Lanka Hot News






