gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් ක්‍රීඩකයන්ටත් පොලිස් තනතුරු!

එළඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය සඳහා පොලිස් කණ්ඩායම අලුත් මුහුණුවරකින් තරග වැදීමට සැළසුම් කොට ඇතැයි වාර්තා වේ.
 ඒ යුද හමුදාවේ මෙන් පිටතින් ක්‍රීඩකයන් රැගෙන ඔටුනු හා තරු පට්ටම් ලබා දී නිත්‍ය පොලිස් නිලධාරින් ලෙස බඳවා ගැනීම් සිදුකර.

හිටපු පොලිස් ක්‍රීඩා සමාජ ප්‍රධානියකුගේ යෝජනාවක් ලෙස මෙය ඉදිරිපත් කොට ඇතත් බාධක ගණනාවක් හේතුවෙන් ඒ සඳහා අනුමැතියක් ලැබීමට සෑහෙන කලක් ගත වනු ඇතැයිද වාර්තා වේ.

අධ්‍යාපන සුදුසුකම් නොතකා ඉහළ නිලයන්ට බඳවා ගැනීමට ඇති නොහැකියාව හා පොලිස් කොමිසමේ අනුමැතිය හා ගැසට් කිරීම අනිවාර්‍ය වීමත් උසස් වීම් පමා වී සිට්න පරීක්ෂක මට්ටමේ නිත්‍ය පොලිස් නිලධාරීන්ගේ විරෝධතාව මීට එරෙහි බාධක වනු ඇත.

මීට අමතරව එසේ වුවහොත් පොලිසියේ රග්බි, පාපන්දු, බොක්සිං වැනි ක්‍රීඩා වලටද එසේ පිටතින් ක්‍රීඩකයන් බඳවා ගැනීමට ඉල්ලීම් සිදු කෙරෙනු ඇති බවත් වාර්තා වේ.

මේ දක්වා පොලිසියේ ක්‍රිකට්, රග්බි වැනි ක්‍රීඩා වලට පිටතින් කොන්ත්‍රාත් පදනමට ක්‍රීඩකයන් ගත්තද ඔවුන්ට නිලතල ලබා දීමක් සිදු නොකෙරේ.
යුද හමුදාවේ මේජර් හා කපිතාන් ධූර වලට පසුගියදා දිනේෂ් චන්දිමාල් හා තිසර පෙරේරා බඳවා ගනු ලැබීය.

මෙසේ සහකාර පොලිස් අධිකාරී හා ප්‍රධාන පොලිස් පරීක්ෂක ධූර පිරිනමන්නේ නම් පොලිස් ක්‍රිකට් කණ්ඩායමට මෙවර ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් කිහිප දෙනෙකු කැමැත්ත පළ කොට ඇත.

ඒ අතර දැනටත් ආරම්භක පිතිකරුවකු ලෙස ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන ප්‍රහාරාත්මක පිතිකරුවකු හා හිටපු ටෙස්ට් පිතිකරුවකුද ඇතුළත් ය.

මෙවර අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියේ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම අගෝස්තු 30 දායින් අවසන් වේ.

ටී.බී.කෙහෙල්ගමුව හා ජයන්ත පරණාතලගෙන් පසු මේ දක්වා කිසිදු පොලිස් ක්‍රිකට් ක්‍රීඩකයකු ජාතික කණ්ඩායම නියෝජනය කොට නොමැත.
-srilankamirror
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka