gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ඔය ඇමතියා පල් හොරා... ගෑනු පෙරේතයා...ගෙදරකටවත් ගන්න බැරි මිනිහෙක්" - ෆොන්සේකා කියයි : ආණ්ඩුව නිහඬව අසා සිටි - (video)

යුද හමුදාවේ ජනරාල්වරු ඉන්නේ ආප්ප පුච්චන්න නොවන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට මතක් කර දුන්නා.

තමාව යුද හමුදාපති කලේ ආණ්ඩුව කරන පොදුජන පෙරමුණේ නායකයා බව සඳහන් කළ ෆොන්සේකා මහතා ආප්ප පුච්චපු මිනිහෙක් හමුදාපති කලේ ඇයිදැයි ඔහුගෙන් විමසන ලෙසද ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළා.

ගෙදරකටවත් ගන්න බැරි මිනිහෙක්

ජනපතිවරයාගේ කාබනික පොහොර සංකල්පය ක්‍රියාත්මක කිරීමට බාරදී තිබෙන්නේ පල් හොරෙකුට බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා තමා එසේ හැදුන් වූ පුද්ගලයා සතු විදේශගත දේපළ පිළිබඳවත් විස්තරයක් සභාවට ඉදිරිපත් කළා.

පල් හොරා ලෙස හැඳින්වූ පුද්ගලයා මිත්‍රයෙක් හැටියට ගෙදරකටවත් ගෙන්න ගන්න බැරි මිනිහෙක් බවත් ගෙදරට ආ විට මිත්‍රයාගේ බිරිඳට දිෂ්ටිය දාන මෙවන් මිනිසුන් සමග ජනපතිවරයාට සිය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවද ෆොන්සේකා මහතා පෙන්වා දුන්නා.

පල්හොරා යැයි හැඳින්වූ පුද්ගලයා ගැන හැඳින්වීමට දරුණු වචන කිහිපයක් පාවිච්චි කළ ෆොන්සේකා මහතා මෙවන් හොරෙක් සමග ජනපතිවරයාට සිය කාබනික පොහොර වැඩපිළිවෙළ සාර්ථක කරගන්න පුළුවන් දැයි ප්‍රශ්න කළා.

මනුස්සකමක්වත් නැහැ

අඩුම තරමින් මනුස්සකම වත් තිබෙන මනුස්සයෙකුට එම වගකීම ජනපතිවරයා විසින් පැවරිය යුතුව තිබුණු බවයි ෆොන්සේකා මහතා සඳහන් කළේ.

ගෙවුන වසර 40 තුළ මහවැලි ව්‍යාපෘතියට පස්සේ රටේ ජනතාවට ඇඟට දැනෙන දෙයක් කළේ නම් ඒ කළේ යුද්ධය දිනූ හමුදාව බව පෙන්වා දුන් ෆොන්සේකා මහතා මෙරට හමුදාවන් කිසි විටෙකත් අවතක්සේරු කිරීමට ඉඩ දෙන්නේ නැති බවද සඳහන් කළා.

ඓතිහාසික ඡායාරූපය සභාවට

හමුදාව ගැන මෙම ප්‍රකාශය කිරීමට පෙර යුද්ධය දිනුව අවස්ථාවේ එය සැමරීමට එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා තමාට තුන් කතාවක් බලකරමින් කේක් කැපීමට ආරාධනා කළ බව මතක් කරමින් ඒ අවස්ථාව සනිටුවන් කළ විශාල ප්‍රමාණයේ ඡායාරූපයක්ද සභාගත කළා.

සරත් ෆොන්සේකා මහතා මෙසේ දැඩි ප්‍රතිචාර දැක්වූයේ තමා යුද හමුදාපති උනේ වුනේ ආප්ප විකුණා බවට පෙර දිනෙක කෘෂිකර්ම අමාත්‍යවරයා වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවෙ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.

ෆොන්සේකා මහතාගේ මෙම දැඩි ප්‍රහාරය එල්ල කල අවස්ථාවේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා සභාවේ නොසිටි අතර ඔහුට කොවිඩ් 19 වැළදී ඇති බව වාර්තා වනවා.

ෆොන්සේකා මහතා දිගින් දිගටම අලූත්ගමගේ අමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කළද ඊට බාධා කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ඉදිරිපත් නොවීම විශේෂත්වයක්.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka