gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඩොලර් නැතිවුනොත් කන්න නැතිව ජනතාව මිය යාවි.. රජයේ සේවක වැටුල් කපන්න වෙයි.. බඩු මිල තවත් ඉහල යයි.. මගෙ දෙමවුපියන්ට බනින් එපා - බන්දුල

අද වන විට රටේ ආර්ථිකය තුන් ආකාරයකින් විනාශ වී කඩා වැටී ඇතැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

රාජ්‍ය මුදල් අර්බුදය මෙන්ම විදේශයන් සංචිත හිගයද මේ වන විට දැඩිව බලපා ඇති බව ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකාව අපනයන ද්‍රව්‍ය නිෂ්පාදනය කර පිටරට යැවීම නොකළහොත් විදේශ විනිමය නැතිව ජනතාව ඖෂධ, කෑමබීම නැතුව මිය යනු ඇතැයි ද ඒ මහතා පෙන්වා දෙයි.

රට වසා දමන තරමටම පාලනයකින් තොරව බඩු මිල ඉහළ යනු ඇති බවත් පැවසූ ඒ මහතා එවන් අවස්ථාවල ම තමන්ගේ මව් පියන්ට දොස් පවරන්න එපා යැයි ද ඉල්ලා සිටියේ ය.

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනක දී ඒ මහතා මෙම අදහස් පල කලේය.

අද වන තෙක් රජයේ සේවකයන්ට කිසිදු කප්පාදුවකින් තොරව වසර එකහමාරක් වැටුප් ගෙවා ඇති නමුත් ඉදිරියේදී ගෙවාගන්න බැරි තත්ත්වයක් ඇතිවුවහොත් වැටුප් කප්පාදුවක් වුවද සිදු කිරීමට ඉඩ ඇතැයි ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka